පාලක පක්ෂයේ ආධාරකරුවන් දෙදෙනකුට තියුණු ආයුධයකින් ප්‍රහාරයක්

පුද්ගල කණ්ඩායමක් විසින් තවත් පුද්ගලයින් දෙදෙනකුට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ යාපනය – පේදුරුතුඩුව, කොට්ටඩි ප්‍රදේශයේ දී ඊයේ (15) පස්වරුවේ මෙම පහරදීම සිදු කර ඇත්තේ බහින්බස් වීමක් දුරදිග යාමෙන් බවයි.

පහරකෑමෙන් එම පුද්ගලයින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

තුවාලකරුවන් මෙරට පාලක පක්ෂයේ ආධාරකරුවන් දෙදෙනෙකු වන බව ද වාර්තා වනවා.

සිදුවීමෙන් තුවාල ලැබූවන් පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.