පාර්ලිමේන්තු සහයෝගීතාව ශක්තිමත් කිරීමට එක්සත් රාජධානියට ගිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු දූත පිරිස

පාර්ලිමේන්තුවේ කතානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දූත පිරිසක් 2025 ඔක්තෝබර් 26 සිට 29 දක්වා එක්සත් රාජධානියේ සිව්දින නිල සංචාරයක නිරත වුණා.

අන්තර් පාර්ලිමේන්තු සහයෝගීතාව ශක්තිමත් කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ඉදිරියට ගෙන යාම, ආයතනික විනිවිදභාවය සහ වගවීම ප්‍රවර්ධනය කිරීම මෙම සංචාරයේ අරමුණ වී තිබුණා.

මෙම දූත පිරිසට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය සහ එක්සත් රාජධානිය – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති නීතිඥ හර්ෂණ නානායක්කාර, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සහ පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න යන අය එක්ව සිටියා.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනම (WFD) සහ එක්සත් රාජධානියේ ජාත්‍යන්තර සංවර්ධන ආයතනය විසින් මෙම සංචාරය සඳහා අවශ්‍ය පහසුකම් සහ අනුග්‍රහය සපයන ලද අතර, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් ද මෙම සංචාරය සඳහා සහභාගිවී සිටියා.

මෙහිදී ඵලදායී නීති සම්පාදනය, අධීක්ෂණය සහ යහපාලනය ප්‍රවර්ධනය කරන ආයතනික රාමු සහ භාවිතයන් කෙරෙහි අවධානය යොමු කරනු ලැබුවා.

මෙම සාකච්ඡාවේ දී ප්‍රධාන ක්ෂේත්‍රයක් වූ පශ්චාත්-ව්‍යවස්ථාදායක විමසුම (Post-Legislative Scrutiny) කෙරෙහි අවධානය යොමු වුණා.

එනම් ව්‍යවස්ථාදායකයන් විසින් නීති පැනවීමෙන් පසු ඒවායේ ක්‍රියාත්මක කිරීම සහ බලපෑම ක්‍රමානුකූලව සමාලෝචනය කරමින්, අපේක්ෂිත ප්‍රතිඵල ලබාදීම සහ පුරවැසියන්ගේ අවශ්‍යතා සපුරාලන බවටත් සහතික කිරීමේ යාන්ත්‍රණයයි.

එවැනි යාන්ත්‍රණයන් වගවීම සහ දූෂණ විරෝධී ප්‍රයත්නයන් වැඩි දියුණු කරන ආකාරය අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකා දූත පිරිස එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කාරක සභා නිලධාරීන් සහ අධීක්ෂණ ආයතන සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් අදහස් හුවමාරු කරගත්තා.

මෙම සංචාරය අතරතුර, ශ්‍රී ලංකාවේ දූත පිරිස, ඒක්සත් රාජධානියේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ කතානායක ශ්‍රීමත් ලින්ඩ්සේ හොයිල් (Sir Lindsay Hoyle), විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ (FCDO) ඉන්දු-පැසිෆික් කලාපීය අමාත්‍ය සීමා මල්හෝත්‍රා (Seema Malhotra MP) සහ මහජන මන්ත්‍රී මණ්ඩල ක්‍රියා පටිපාටි කාරක සභාවේ සභාපති කැට් ස්මිත් (Cat Smith MP) යන අය හමුවී සාකච්ඡා පැවැත්වූවා.

තවද කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති සරෝජා සාවිත්‍රි පෝල්රාජ් හා කාන්තාවන් සහ ගැහැණු ළමුන් සඳහා වූ එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිත බැරොනස් හැරියට් හර්මන් (Baroness Harriet Harman) අතර හමුවක්ද පැවැත් වුණා.

එහිදී පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග තුළින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, කාන්තා බලගැන්වීම පිළිබඳව ඔවුහු සාකච්ඡා පැවැත්වූවා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සමාලෝචන ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීමට අදාළව තාක්ෂණික සහයෝගීතාව සඳහා ඇති අවස්ථාවන් අධ්‍යයනය කිරීමට ශ්‍රී ලංකා දුත පිරිස ලන්ඩන් විශ්ව විද්‍යාලයේ උසස් නීති අධ්‍යයන ආයතනයේ (Institute of Advanced Legal Studies) අධ්‍යයන විශේෂඥයින් ද හමුවී අදහස් හුවමාරු කරගත්තා.

මෙහිදී ආයතන දෙක අතර අඛණ්ඩ හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනමේ ප්‍රධාන විධායක නිලධාරී ඇන්තනි ස්මිත් (Anthony Smith), ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනමේ සභාපතිනිය යස්මින් කුරේෂි (Yasmin Qureshi) ඇතුළුව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සමඟ තවදුරටත් සාකච්ජා පැවැත්වූවා.

මෙම සංචාරය දෙරටේ පාර්ලිමේතු අත්දැකීම් බෙදා ගැනීමටත්, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, ආයතනික අඛණ්ඩතාව සහ නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කිරීම සඳහා වන ඔවුන්ගේ පොදු කැපවීම නැවත තහවුරු කිරීමට වටිනා අවස්ථාවක් වුණා.

වගවීම සහ යහපාලනය ප්‍රවර්ධනය කිරීමේ කාර්යයේ දී පාර්ලිමේන්තුවලට ඇති කේන්ද්‍රීය සහ තීරණාත්මක භූමිකාව ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය යන රටවල් දෙකම පොදුවේ හඳුනාගෙන පිළිගන්නා බව සහ දෙරට අතර පවතින ශක්තිමත් හා කල් පවතින මිත්‍ර සම්බන්ධතාවය මෙම සංචාරය තුළින් තවදුරටත් තහවුරු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිඹුලෙකුට ගොඳුරු වූ තරුණයා - නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:47
Video thumbnail
නීතිඥ සංගමය, වෘත්තීය සංගම් අලුත් කඩේ අධිකරණය වටලයි - අනුරගේ ආණ්ඩුවත් කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළා
09:03
Video thumbnail
පියංකර ජයරත්න වැලිකඩ බන්ධනාගාරයට
00:39
Video thumbnail
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නලින්ද ආයාචනා කරයි - විපක්ෂය උද්ඝෝෂණ කළාට අපිට දැනෙන්නේ නෑ
06:33
Video thumbnail
මන්ත්‍රී කාවින්දගේ නිවස පිටුපසින් අත්බෝ#බයක් හමුවෙයි
00:33
Video thumbnail
නාමල් ලි#ගික අල්ලස ගත්තේ නෑ - නාමල් නිර්දෝශියි
06:03
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:12:47
Video thumbnail
ආණ්ඩුවේ රැළිවලට යන වියදම දරන්නේ රටේ ජනතාවගේ මුදල්වලින්ද ?NPP එක වියදම් දරන්නේ
02:01
Video thumbnail
වසර 7කට හිරේට ගිය පියංකර ගැන නලින්ද කට අරියි - දැනට පවතින නීතිය අනුව වැඩ වෙන්නේ
03:02
Video thumbnail
ක්‍රීඩා පිටි නොදුන් නිසා පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?දෙකයි පනහේ වැඩ කරන්න එපා
10:05