පාර්ලිමේන්තුව අද රැස්වෙයි – හර්ෂණට එරෙහි විශ්වාසභංග යෝජනාව අද කතානායක අතට

පාර්ලිමේන්තුව අද (21) පෙරවරු 9.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ, කතානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන්.

අද දිනයේ දී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 සහ 120 යටතේ තීරණ දෙකක් අනුමත කිරීම සඳහා විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වා විශේෂ යෝජනාවක් ලෙස විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) සිදුකළ පරීක්ෂණ වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීම සම්බන්ධයෙන් විවාදයට ගැනීමට නියමිතයි.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) විසින් විමර්ශනවලදී අනාවරණය කළ කරුණු සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීම සම්බන්ධයෙන් අද දිනයේ පාර්ලිමේන්තු විවාදයක් පවත් වෙනවා.

එමෙන්ම පස්වරු 2.30 සිට 5.30 දක්වා මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ කාර්යසාධනය පිළිබඳ සභාව කල්තැබීමේ යෝජනාවක් ද විවාදයට ගැනීමට නියමිතයි.

මේ අතර අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (21) දිනයේ කතානායක වෙත භාරදීමට විපක්ෂය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේක්ෂිත අදායම් ඉලක්කය ඉක්මවා ගිහින්..වසර අවසානයේ බිලියන 100ක වැඩිපුර ආදායමක්
01:52
Video thumbnail
ශ්‍රී ලංකාවේ චීන තානාපති පළමු වරට ඇමති නලින්දව හමුවෙයි
01:24
Video thumbnail
බිස්කට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් අල්ලයි
00:49
Video thumbnail
පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
00:56
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05