පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්වරයාට වැඩ තහනමක්

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න වැඩතහනමකට ලක්කර තිබෙනවා.

ඊයේ (23) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩතහනම ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

ඔහුගේ පත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වයක් මත මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ නීතීඥයෙකු වන ඔහු 2023 සැප්තැම්බර් මාසයේ සිට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරේ කටයුතු කරනු ලැබුවා.

ඔහු රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර, විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙකු වනවා.

තවද කොළඹ විශ්ව විද්‍යාලයේ හා එක්සත් රාජධානියේ බකින්හැම්ෂයර් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙකු ද වන ඔහු, 2005 වසරේ සිට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ යාවජීව සාමාජිකයෙකු මෙන්ම 2016 වසරේ සිට නීතීඥ සංගමයේ කවුන්සිලයේ (Bar Council) සාමාජිකයෙකු ද වනවා.

ජ්‍යෙෂ්ඨ නීතීඥ චමින්ද කුලරත්න සිය 20 වසරක වෘත්තිය ගමන් මඟ තුළ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම්, ජනාධිපති අතිරේක ලේකම්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්, විපක්ෂ නායක අතිරේක ලේකම්, එක්සත් රාජධානියේ ලන්ඩන්හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, ජනාධිපති සහකාර ලේකම් ඇතුලු රජයේ විධායක මට්ටමේ පරිපාලන තනතුරු රැසක් හොබවා තිබෙනවා.

එමෙන්ම ඔහු ව්‍යවස්ථාපිත නීතිය, පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රියාදාමයන් පිළිබඳව ද, රාජ්‍ය පරිපාලනය හා මුදල් රෙගුලාසි පිළිබඳව ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙක්.

ඔහු එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, චීනය, ඉන්දුනීසියාව, ජපානය ඇතුලු රටවල් රැසක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ හා පුහුණු පාඨමාලා රැසකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී තිබෙනවා.

තවද, ඔහු එක්සත් රාජධානියේ ලන්ඩන්හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශකවරයෙකු වශයෙන් සේවය කරන ලද කාලවකවානුවේදී තානාපති නිලධාරීන්ගේ පැරණිතම සංගමය වන කන්සියුලර් නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව නියෝජනය කළ පළමු දකුණු ආසියානු රාජතාන්ත්‍රිකයා ද වනවා.

  1. මෙම නිළධාරියාගේ පට්ටන්දරේනෙ මෙතන ප්‍රසිද්ධ කරල තියෙන්නෙ, ඔහුව වැඩ තහනමට ලක්වුන හේතුව කියල නෑනෙ. ඔහුගෙ උගත්කම මෙතනට අදාල නෑ. ඔහුගේ විෂමාචාර ක්‍රියාව මොකක්ද?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36