පාර්ලිමේන්තුවට බලය පවරා ජනාධිපති මව් රටට යා යුතුයි

පාර්ලිමේන්තුවට බලය පවරා ජනාධිපතිවරයා වහාම තම මව් රටට යා යුතු බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. රට තුළ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් රණවක මහතා මේ බව ප්‍රකාශ කළේය.

“ඊයේ මේ රටේ ජනාධිපතිවරයෙකුගේ නිවස වටලලා දැවැන්ත මහජන උද්ඝෝෂණයක් සිද්ධ වුණා. ඒ මහජන උද්ඝෝෂණය එක්කම රටපුරා හැමතැනකම දැන් උද්ඝෝෂණ රැල්ලක් ඇති වෙමින් තිබෙනවා. මේකට සමස්තයක් ලෙස වගකිව යුත්තේ ඉතාම අදූරදර්ශීව, බලලෝභීව, ධන ලෝභීව, තම පවුලේ පැවැත්ම ගැන පමණක් කල්පනා කරලා පවුල් පනස් පන් ලක්ෂයක ඉරණම, ලක්ෂ 220 ක ජනතාවගේ ඉරණම පරදුවට තබලා කටයුතු කරන රාජපක්ෂ පවුලේ හා මේ ජනාධිපති, මේ අගමැති හා මේ මුදල් ඇමතිගේ ක්‍රියාකලාපය. අද මේ රටේ සෑම ක්ෂේත්රයකම අත දරුවන් සිටින මව්වරුන්ගේ දෙමාපියන්ගේ සිට, වැඩිහිටියන් දක්වා සියලු දෙනාටම අතිශය භයානක වන්දියක් ගෙවන්න සිද්ධ වෙලා තිබෙනවා.

මේ බුර බුරා නැගෙන, බඩගින්න, කණගාටුව, කෝපය අද ජනතාවගේ පුපුරා යන උද්ඝෝෂණයක් බවට පරිවර්තනය වෙලා තිබෙනවා. ආණ්ඩුව යන්නේ කුමන මාර්ගයටද? අද වෙනකොට අපිට පේනවා පිරිස් අත්අඩංගුවට අරගෙන, ඔවුන් ප්‍රචණ්ඩකාරී ක්‍රියා  සිදු කළා යැයි කියන ඒ ලේබලය අලවලා, අධිකරණය ඉදිරියේ ඔවුන්ව සිර දඩුවම් ලබා දීම සඳහා ආණ්ඩුව මර්ධනයේ හස්තය දියත් කොට තිබෙනවා.

මේ සිදුවීම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ද රණවක මහතා පෙන්වා දෙයි.  

“ඉදිරි කාලයේ දී විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීමටත් මාධ්‍ය ප්‍රචාරණය අවහිර කිරීමටත් කටයුතු කරන බව අපිට දැනගන්නට ලැබී තිබෙනවා. ප්‍රවෘත්ති වාර්තාකරණය හා මහජන නිදහස තවදුරටත් උල්ලංඝනය කිරීමට කිසිම ආකාරයකට රාජපක්ෂවරුන්ට අයිතියක් නැහැ. යුක්තියක් නැහැ. ඇතැම් මාධ්‍ය ඉතාමත්ම පහත් ආකාරයට තමයි කටයුතු කළේ මේ ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමට.

නමුත් මර්දනයට එරෙහිව සියලුම මාධ්‍ය හා සියලුම පොදු ජනතාව පිබිදීමෙන්, අවදි වීමෙන් කටයුතු කල යුතුයි. මර්දනය අස්සේ මෙවැනි ආකාරයට දියත් කරපු පාලනයන්, ලංකාවෙත්, ලෝක ඉතිහාසයේත් තියෙනවා. ඒවා කෙලවර වෙන්නෙත්, ඉතාම භයානක අන්තයන්ගෙන්, භයානක ලේ ගංගාවක් බවට මේ රට පත් වෙන එකෙන් කියන එක මේ රාජපක්ෂ පවුල මතක තබා ගත යුතුයි. ඔවුන්ට තව විකල්පයක් තියෙනවා. සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ට මේ රට තවත් පාලනය කරන්න බැරි බව තේරුම් අරගෙන, රට ලේ විලක් නොකොට පාර්ලිමේන්තුවට බලය පවරලා, විශේෂයෙන්ම ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙලා, තමන්ගේ මව් රට වන ඇමරිකා එක්සත් ජනපදයට යාම තමයි අද මේ රටේ සාතිශය බහුතරයක් එතුමාට ඡන්දය දුන් හැට නම ලක්ෂයේත් බලාපොරොත්තුව වෙලා තියෙන්නේ.

පොලීසියට, ඒ වගේම නීතිය ක්‍රියාත්මක කරන නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු අයට බොහොම වැදගත් පණිවිඩ දෙන්න ඕනේ ආරක්ෂක අංශවලට. ඔබත් අද මේ රාජපක්ෂ පාලනයේ වින්දිතයන් පිරිසක්, ඔබටත් ගෑස් නැහැ. ඔබටත් ලයිට් නැහැ. ඔබටත් කිරිපිටි නැහැ. ඔබේ දරුවොත් වැළපෙනවා. ඔබේ දෙමාපියොත් පෝලිම් වලට එකතු වෙලා තියෙනවා. ඒ නිසා මේ දුකට පත්වෙච්ච ජනතාව නීතියේ බලය පාවිච්චි කරලා බලලෝභීව ක්‍රියා කරන උසස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ අණ ක්‍රියාත්මක කරලා සමස්ත ජනතාව මර්දනය කිරීම සඳහා කටයුතු කරන්න එපා කියන ආයාචනය අපි ඉදිරිපත් කරනවා.”

විවිධ කණ්ඩායම් ඇතැම් විට මේවා තම පටු දේශපාලන අරමුණු සඳහා යොදාගත හැකිය. රාජ්‍ය හා පෞද්ගලික දේපළවලට හානි නොකොට ඉතා විධිමත්ව, අවිහිංසාවාදීව, ඉවසීමෙන් යුතුව මේ විරෝධතාවල නියැලීම අවශ්‍ය බව පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.

“ගිනි තැබීම් ආදී සිදුවීම් පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්‍යයි. හැමතැනින්ම වාර්තා වෙලා තියෙනවා ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් කල්ලි කණ්ඩායම් මේ ක්‍රියාදාමයන්ට සම්බන්ධ වුණාදැයි කියන සැකය දැන් මේ සමාජ මාධ්‍ය ජාලා ඇතුළු සියල්ලේම පළවෙලා තිබෙනවා.”
අයහපතට පත්ව සිටින ජනතාවට තවත් ගිනිගෙඩි දීමට ඉදිරිපත් වෙන ආණ්ඩුවේ මේ මර්දනය නොතකා  සහය ලබාදීමට රට පුරාම ඇතිවෙන ක්‍රියාදාමයට ඉදිරිපත් වෙන ලෙස වැදගත් වෘත්තීය නීතිඥයන්ගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම සඳහන් කළේය.  

“අපි ආණ්ඩුවට ප්‍රකාශ කරන්නේ ඔබ දැන් ගිනි තබා තියෙන්නේ මේ රටේ පනස් පන් ලක්ෂයක් පවුල්වල ඉරණමට. ඔබ විසින් නිර්මාණය කරමින් තිබෙන්නේ ලක්ෂ 220 ක් මරාගෙන මැරෙන තත්ත්වයකට පත්වෙන ජනතාවක් බවට‍යි. බුද්ධිමය හා ප්‍රායෝගික වශයෙන් ඔබ වැඩ කරන්නෙත් නෑ. ජාවාරම්කාර පන්තියකට අවශ්‍ය විදිහටයි ඔබගේ හැසිරීම තිබෙන්නේ. ඇතැම් අවස්ථාවල අපිට වාර්තා වෙනවා  නැවත වතාවක් මේ සිංහල බෞද්ධකම අවුස්සන්න යන්න, මේ රට කාලි සාපයෙන් මුදා ගැනීමට දැන් සිංහල බෞද්ධ ජනතාවත් සූදානම් විය යුතුයි. ක්‍රිස්තියානි, ඉස්ලාමීය සියලුම ජනතාව රාජපක්ෂ සාපයෙන් ගැලවිය යුතුයි. තවත් මේ රට රැවටීමට කිසිම ආකාරයක පූජ්‍ය පූජක කිසිම පුද්ගලයෙකුට ඉඩ දිය යුතු නැහැ. ඒ නිසා නියම ආකාරයට තමන්ගේ ධර්මය මත පිහිටා කටයුතු කරන ලෙස සියලුම දෙනාගෙන් ආයාචනා කරනවා.”

රාජපක්ෂ පවුල ගලවාගැනීම සඳහා ඉදිරිපත් වන සියළුදෙනාට ඉතිහාසයේ ලැබිය යුතු ඉරණම දිට්ඨධම්මවේදනීය කර්ම ඵල විපාක ලැබෙනු ඇත.  රටේ ජනතාවගෙන් තමන් ඉල්ලා සිටින්නේ තම ඉරණම තනි පවුලක් විසින් කොල්ලකෑමට එරෙහිව නැගී සිටින ලෙස බව රණවක මහතා පවසයි.

“ඔබට ප්‍රජාතන්ත්‍රවාදී රටක අයිතිය තියෙනවා. ඒ අයිතිය සාමකාමීව, ප්‍රජාතන්ත්‍රවාදීව, සෑම මොහොතකම පාවිච්චි කරන ලෙස අපි ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. ඒ අරගලයත් සමඟ අපි එකට සිටින බව ප්‍රකාශ කරන්න කැමතියි.”  රණවක මහතා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටිල්වින් වැරැද්ද පිළිගෙන සමාව ගත්තා - එකළොස් ලක්ෂයක් නඩු බෝල්ට් පොයින්ට් පෑනෙන් විසඳන්න බැහැ
07:24
Video thumbnail
දුම ගැහුවට වැඩක් නෑ ආයේ එනවා මදුරුවෝ - පරිසරයේ අනිත් සත්තුන්ට මේක හොඳ නෑ
04:05
Video thumbnail
මහවැලි ගඟේ දිය නෑමට ගොස් 10 වසර ළමයෙක් ගි# අතුරුදහන් - "එයා පීනගෙන එද්දි යට ගියා"
02:21
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40
Video thumbnail
වැලිගම දින 90 සුපිරි වැඩසටහන - ටොෆි කොලයක් පාරට දාන්නේ නැති සමාජයක් හදනවා
04:54
Video thumbnail
වසර 12ක් විභාග වූ ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි
01:12
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක වැදී යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:30
Video thumbnail
අනවසර ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක්
01:29
Video thumbnail
අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
00:14
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 9දෙනෙක් නාවික හමුදා භාරයට
00:38