spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාපැදිකරුවන්ට පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

මේ දිනවල පොදු ප්‍රවාහනයේ පවතින ගැටළු සහ අධික ඉන්ධන මිලත් සමඟ බොහෝ දෙනා වැඩි වශයෙන් පාපැදි භාවිතයට නැඹුරු වී ඇති ආකාරය දක්නට ලැබෙනවා.

මේ පිළිබඳ විශේෂ අවධානය යොමුකරමින් රථවාහන රාජකාරි සිදුකරන ලෙස රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව සම්බන්ධ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

2022 වසරේ මේ දක්වා මාරක රිය අනතුරු 1,202ක් වාර්තා වී ඇති අතර ඉන් මියගිය අයගෙන් පුද්ගලයින් 96 දෙනෙකු පාපැදිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මේ හේතුවෙන් පාපැදිවල ගමන් කිරීමේ දී වැඩි අවධානයක් යොමුකරන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

පාපැදිවල ප්‍රධාන පහන් සහ පසුපස ප්‍රතිපරාවර්ථක පහන් නොමැති වීම, රාත්‍රී කාලයේ තද වර්ණ සහිත ඇඳුම් ඇඳීම, මාර්ග සංඥාවලට අනුගත නොවීම, මාර්ගය හරහා ගමන් කිරීමේදී දෙපසින් පැමිණෙන වාහන ගැන අවධානය යොමු නොකිරීම යන ආදී කරුණු මෙම අනතුරු වැඩිවීමට හේතු වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඉදිරි සති දෙකක කාලය තුළ පාපැදි පරීක්ෂා කිරීමට රථවාහන පොලීසිය මගින් කටයුතු යොදා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දුව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?