පාපැදිකරුවන්ට පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

මේ දිනවල පොදු ප්‍රවාහනයේ පවතින ගැටළු සහ අධික ඉන්ධන මිලත් සමඟ බොහෝ දෙනා වැඩි වශයෙන් පාපැදි භාවිතයට නැඹුරු වී ඇති ආකාරය දක්නට ලැබෙනවා.

මේ පිළිබඳ විශේෂ අවධානය යොමුකරමින් රථවාහන රාජකාරි සිදුකරන ලෙස රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව සම්බන්ධ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

2022 වසරේ මේ දක්වා මාරක රිය අනතුරු 1,202ක් වාර්තා වී ඇති අතර ඉන් මියගිය අයගෙන් පුද්ගලයින් 96 දෙනෙකු පාපැදිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මේ හේතුවෙන් පාපැදිවල ගමන් කිරීමේ දී වැඩි අවධානයක් යොමුකරන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

පාපැදිවල ප්‍රධාන පහන් සහ පසුපස ප්‍රතිපරාවර්ථක පහන් නොමැති වීම, රාත්‍රී කාලයේ තද වර්ණ සහිත ඇඳුම් ඇඳීම, මාර්ග සංඥාවලට අනුගත නොවීම, මාර්ගය හරහා ගමන් කිරීමේදී දෙපසින් පැමිණෙන වාහන ගැන අවධානය යොමු නොකිරීම යන ආදී කරුණු මෙම අනතුරු වැඩිවීමට හේතු වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඉදිරි සති දෙකක කාලය තුළ පාපැදි පරීක්ෂා කිරීමට රථවාහන පොලීසිය මගින් කටයුතු යොදා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දුව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52
Video thumbnail
බුද්ධිමය දේපල උල්ලංඝණය වුණොත් දෙන්න පුළුවන් උපරිම දඬුවමට යනවා - නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ නෑ
12:50
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36