පාප් වහන්සේ ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබයි

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සහ ජකර්තා හි ඉස්තික්ලාල් පල්ලියේ මහා ඉමාම් වන නසරුදීන් උමාර්, ඒකාබද්ද ප්‍රකාශයකට අත්සන් තබා තිබෙනවා.

ආගමික ප්‍රචණ්ඩත්වයට එරෙහිව සහ පෘථිවිය ආරක්ෂා කිරීමට ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් ඉල්ලා මෙම අත්සන් තැබීම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ආසියා පැසිෆික් කලාපයේ සති දෙකක සංචාරයෙන් පසු පාප් වහන්සේ පැපුවානිව්ගිනියාව නැගෙනහිර ටිමෝරය සහ සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතයි.