spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාප් වහන්සේට සැත්කමක්

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ අද පස්වරුවේ රෝමයේ ගෙමෙල්ලි රෝහලේදී ශල්‍යකර්මයකට මුහුණ දීමට නියමිතව තිබෙනවා.

ඔහුට හර්නියා සැත්කමක් සිදු කිරීමට නියමිතව ඇති අතර ශල්‍යකර්මයෙන් පසු සුවය ලබා ගැනීම සඳහා දින කිහිපයක් රෝහලේ රැඳී සිටීමට අපේක්ෂා කරන බවයි වතිකානය පවසන්නේ.

86 හැවිරිදි පාප්වහන්සේ මෑත වසරවලදී සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ දී ඇති අතර, දිගින් දිගටම පවතින දණහිසේ ආබාධයක් හේතුවෙන් සැරයටියක් මෙන්ම රෝද පුටුවක් ද භාවිතා කරනවා.

බ්‍රොන්කයිටිස් රෝගය හේතුවෙන් රෝහල් ගත කර මාස කිහිපයකට පසු පරීක්ෂාවක් සඳහා එම රෝහලටම උන්වහන්සේ අඟහරුවාදා ඇතුලත් වී තිබූ බව සඳහන්.

පෙනහළු ආසාදනයකට ප්‍රතිකාර කිරීම සඳහා මාර්තු මාසයේදී පාප් වහන්සේ දින තුනක් රෝහලේ ගත කළ අතර එම මාසයේම ඔහු තම පාප් ධුරයේ 10 වැනි සංවත්සරය ද සනිටුහන් කරනු ලැබුවා.

පාප් වහන්සේ දිගටම කාර්යබහුල කාලසටහනක් පවත්වා ගෙන යන අතර අගෝස්තු මාසයේ සිට පෘතුගාලයේ සහ මොංගෝලියාවේ සංචාරය කිරීමට ද නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?