පාප් වහන්සේට සැත්කමක්

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ අද පස්වරුවේ රෝමයේ ගෙමෙල්ලි රෝහලේදී ශල්‍යකර්මයකට මුහුණ දීමට නියමිතව තිබෙනවා.

ඔහුට හර්නියා සැත්කමක් සිදු කිරීමට නියමිතව ඇති අතර ශල්‍යකර්මයෙන් පසු සුවය ලබා ගැනීම සඳහා දින කිහිපයක් රෝහලේ රැඳී සිටීමට අපේක්ෂා කරන බවයි වතිකානය පවසන්නේ.

86 හැවිරිදි පාප්වහන්සේ මෑත වසරවලදී සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ දී ඇති අතර, දිගින් දිගටම පවතින දණහිසේ ආබාධයක් හේතුවෙන් සැරයටියක් මෙන්ම රෝද පුටුවක් ද භාවිතා කරනවා.

බ්‍රොන්කයිටිස් රෝගය හේතුවෙන් රෝහල් ගත කර මාස කිහිපයකට පසු පරීක්ෂාවක් සඳහා එම රෝහලටම උන්වහන්සේ අඟහරුවාදා ඇතුලත් වී තිබූ බව සඳහන්.

පෙනහළු ආසාදනයකට ප්‍රතිකාර කිරීම සඳහා මාර්තු මාසයේදී පාප් වහන්සේ දින තුනක් රෝහලේ ගත කළ අතර එම මාසයේම ඔහු තම පාප් ධුරයේ 10 වැනි සංවත්සරය ද සනිටුහන් කරනු ලැබුවා.

පාප් වහන්සේ දිගටම කාර්යබහුල කාලසටහනක් පවත්වා ගෙන යන අතර අගෝස්තු මාසයේ සිට පෘතුගාලයේ සහ මොංගෝලියාවේ සංචාරය කිරීමට ද නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13