පාප් වහන්සේගේ යෝජනා අභියෝගයට ලක් කළ බිෂොප්වරයෙකු ධුරයෙන් ඉවතට

පාප් වහන්සේගේ නායකත්වය සහ යෝජනා සම්බන්ධයෙන් ප්‍රශ්න කළ දැඩි විවේචකයෙකු වන ජෝසප් ස්ට්‍රික්ලන්ඩ් ටෙක්සාන් බිෂොප්වරයා ඉවත් කිරීමට අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පියවර ගෙන තිබෙනවා.

වතිකානුව පැවසුවේ බිෂොප්වරයා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස ඔහු රාජකාරිවලින් ඉවත් කර ඇති බවයි.

බිෂොප් ස්ට්‍රික්ලන්ඩ් යනු පාප් වහන්සේගේ ක්‍රියාමාර්ගවලට විරුද්ධ එක්සත් ජනපද කතෝලික ආගමේ ශාඛාවක ප්‍රමුඛ හඬක් ලෙසටයි සැලකෙන්නේ.

ඇතැම් එක්සත් ජනපද කතෝලික ආගමික නායකයින්ගේ පසුගාමීත්වය සම්බන්ධයෙන් පාප් වහන්සේ අදහස් දැක්වීමකින් පසුව මෙම ඉවත් කිරීම සිදු වී තිබෙනවා.

ගබ්සාව, සංක්‍රාන්ති ලිංගික අයිතිවාසිකම් සහ සමලිංගික විවාහ ඇතුළු සමාජ කාරණා සම්බන්ධයෙන් පල්ලියේ ස්ථාවරය යාවත්කාලීන කිරීමට පාප් වහන්සේ දරන උත්සාහයට එරෙහිව බිෂොප් ස්ට්‍රික්ලන්ඩ් චෝදනා මාලාවක් සිදු කර ඇතැයි සඳහන්.

කතෝලික ඉගැන්වීමේ බොහෝ මූලික සත්‍යයන් අභියෝගයට ලක්වෙමින් පවතින බවට ජූලි මාසයේදී ඔහු අනතුරු අඟවා තිබුණා. දෙවියන් වහන්සේ විසින් ඇති කරන ලද විවාහය පුරුෂයෙකු හා ස්ත්‍රියක් අතර පමණක් වීම වෙනස් කිරීමට උත්සහයක් පවතින බවටයි බිෂොප්වරයා ප්‍රකාශ කර තිබුණේ.

ප්‍රතික්ෂේප කළ නොහැකි ජීව විද්‍යාත්මකව දෙවියන් විසින් දෙන ලද අනන්‍යතාවය ප්‍රතික්ෂේප කරන අයගේ උත්සාහයන් අක්‍රමිකතා ලෙස ඔහු විවේචනය කළා.

ඔහුගේ ලිපියක් මගින් ප්‍රකාශ කර තිබුණේ වෙනස් කළ නොහැකි දේ වෙනස් කිරීමට උත්සාහ කිරීම පල්ලියේ භේදයකට තුඩු දෙන බවයි. වෙනසක් අපේක්ෂා කරන අය, සැබෑ භේදවාදීන් බවට ඔහු අනතුරු අඟවනු ලැබුවා.

බිෂොප් ස්ට්‍රික්ලන්ඩ් සම්බන්ධයෙන් වතිකානුව විසින් විමර්ශනය කර ඇති අතර මීට පෙර ඉල්ලා අස්වීමේ අවස්ථාව ප්‍රතික්ෂේප කළ ඔහු සැප්තැම්බර් මාසයේදී විවෘත ලිපියක් මගින් පාප් වහන්සේට අභියෝග කළේ තමා නෙරපා හරින ලෙසටයි.

වතිකානුව ප්‍රකාශ කළේ ඔහුව සේවයෙන් පහ කිරීමට තීරණය කළේ පසුගිය ජූනි මාසයේදී ටයිලර් රදගුරු පදවියට පාප් වහන්සේ විසින් නියෝග කරන ලද අපෝස්තලික සංචාරයකින් පසුව බවයි.

65 හැවිරිදි ස්ට්‍රික්ලන්ඩ් බිෂොප්වරයා 2012 දී රදගුරු පදවියට පත් වූ අතර XVI වන බෙනඩික්ට් පාප්වරයා ද වුණා.

මේ සියල්ල සිදු වෙමින් පවතින්නේ වත්මන් පාප් වහන්සේගේ ධූර කාලය තුළ පල්ලිය වඩාත් ප්‍රගතිශීලී කිරීමට සැලකිය යුතු උත්සාහයන් අනුගමනය කරමින් පවතින අවස්ථාවකයි.

බ්‍රහස්පතින්දා, වතිකානය නිවේදනය කළේ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයින්ට කතෝලික පල්ලියේ බව්තීස්ම කළ හැකි බවයි.

ඔක්තෝම්බර් මාසයේදී, ඔහු කාදිනල්වරුන් පිරිසකට ප්‍රකාශ කර තිබුණේ අපට ප්‍රතික්ෂේප කරන සහ බැහැර කරන විනිශ්චයකරුවන් විය නොහැකිය යනුවෙන්. සමලිංගික විවාහ යුවළවලට ආශීර්වාද කිරීමට පල්ලිය විවෘත වනු ඇතැයි උන් වහන්සේ සඳහන් කර තිබුණා.

ලිස්බන් නුවර පැවති ලෝක තරුණ දින සැමරුම් උත්සවයේ රැස්වීමකදී පාප් වහන්සේ ප්‍රකාශ කළේ ඇතැමුන්ගේ පසුගාමීත්වය වැඩක් නැති කටයුත්තක් බවයි.

ටයිලර් රදගුරු පදවිය තාවකාලිකව ඔස්ටින්හි රදගුරු ජෝ වස්කේස් විසින් පාලනය කරනු ලබන බව ද වතිකානුව ප්‍රකාශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23