ඉකුත් වසරේ ක්රීඩා අමාත්යවරයා විසින් නිකුත් කරනු ලැබූ ක්රීඩා රෙගුලාසි අඩංගු ගැසට් නිවේදනයක් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්රී ලංකා පාපන්දු සම්මේලනය විසින් ඉදිරිපත් කළ පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ සමථයට පත් කෙරුණා.
2022 වසරේ දෙසැම්බර් මස 14 වනදා ක්රීඩා අමාත්යවරයා විසින් නිකුත් කරනු ලැබූ ක්රීඩා රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්රී ලංකා පාපන්දු සම්මේලනය විසින් ගොනු කෙරුණු පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී යි පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශ්වය අතර මෙම එකඟතාවය ඇති වූයේ.
ඒ අනුව 2022 වසරේ දෙසැම්බර් මස 14 වනදා ක්රීඩා අමාත්යවරයා විසින් නිකුත් කරනු ලැබු ක්රීඩා රෙගුලාසි අඩංගු ගැසට් නිවේදනය මේ වසරේ නොවැම්බර් මස 01 වන දා දක්වා ක්රියාත්මක කිරීම අත්හිටුවීමටත් එය පාපන්දු සම්මේලනයේ නිලවරණයට අදාළ කර නොගන්නා බවටත් ක්රීඩා අමාත්යවරයා ඇතුළු වගඋත්තරකාර පාර්ශ්වය අධිකරණය හමුවේ එකඟ වුණා.
ඒ අනුව ජාත්යන්තර පාපන්දු සම්මේලනය විසින් නිර්දේශ අනුව 2022 වසරේ සැප්තැම්බර් මස 22 වන දා සම්මත කරන ලද ශ්රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්යවස්ථාව සහ ක්රීඩා පනතේ විධි විධානයන්ට අනුව ලබන සැප්තැම්බර් මස 16 වනදාට පෙර නිලවරණයක් පැවැත්වීමටයි පාර්ශවකරුවන් අතර එකඟතාවක් ඇති වූයේ.
මෙම කටයුතු ක්රීඩා පනතේ විධි විධානයන්ට හා රෙගුලාසි වලට අනුකූලව සිදු කිරීමටත් මෙහිදී පාර්ශවකරුවන් එකඟ වුණා.
ඒ අනුව මෙම සමථය සටහන් කරගත් සෝභිත රාජකරුණා සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව අදාළ පෙත්සමේ කටයුතු අත්හිටුවීමට ද තීරණය කළා.
