පාපන්දු ඔට්ටුව පැරදී නෝර්වේජියානු ගුවන් සමාගමේ නිල ලාංඡනය මාරුවෙයි

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ දී නෝර්වේ කණ්ඩායම එංගලන්තය හමුවේ ලැබූ පරාජයෙන් පසු නෝර්වේජියානු ගුවන් සමාගමේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ලාංඡනය, බ්‍රිතාන්‍ය ගුවන් සමාගමේ ලාංඡනයට මාරුකර තිබෙනවා.

ඒ, මෙම අර්ධ අවසන් පූර්ව තරගයට පෙර නෝර්වේජියානු ගුවන් සමාගම සහ බ්‍රිතාන්‍ය ගුවන් සමාගම එක්ව ඇති කරගත් සුහදශීලී ඔට්ටුවක ප්‍රතිඵලයක් ලෙසයි.

මෙම තරගයට පෙර ගුවන් සමාගම් දෙක අන්තර්ජාලය ඔස්සේ අභියෝග කරගත්තේ, තරගය පරාජය වන පාර්ශවය, ජයග්‍රහණය කරන පාර්ශවයේ ගුවන් සමාගමේ නිල ලාංඡනය, නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ නිල ලාංඡනය ලෙස ප්‍රදර්ශනය කළ යුතු බවයි.

ඒ අනුව මෙම තරගය නෝර්වේ කණ්ඩායම පරාජයට පත්වීමත් සමඟ, නෝර්වේජියානු ගුවන් සමාගමේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ලාංඡනයට, බ්‍රිතාන්‍ය ගුවන් සමාගමේ ලාංඡනය එක්කර ඇති ආකාරය දැකගත හැකි වුණා.

මෙහිදී නෝර්වේජියානු ගුවන් සමාගම බ්‍රිතාන්‍ය එයාර්වේස් ලාංඡනය “එය ගෙදර එනවා” සහ “එංගලන්තය සහ බ්‍රිතාන්‍ය එයාර්වේස් හොඳින් ක්‍රීඩා කළා” යන පණිවුඩය සහිතව ප්‍රසිද්ධ කර තිබුණා.

“තරඟාවලිය අපට අවසන් වන අතර, මෙම මිත්‍රශීලී ඔට්ටුව අපගේ සියලු හදවත් තුළ සදහටම පවතිනු ඇත” යනුවෙන් පවසමින් නෝර්වීජියානු ගුවන් සමාගම එංගලන්ත කණ්ඩායමට සහ බ්‍රිතාන්‍ය එයාර්වේස් සමාගමට සුභ පැතුම් පිරිනැමීමට ද කටයුතු කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
00:00
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40
Video thumbnail
මරික්කාර් - වටගල පාර්ලිමේන්තුව දෙවනත් කරයි - "මේ බොරු සභාගත කරන ඇමතියෙක්"
01:59
Video thumbnail
ගහේන් වැටුණු ගෙඩි නිසා ප්‍රපාතයට ගිය ලොරි රථය
02:36
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01