පානදුර, පරත්ත පාර ප්‍රදේශයේ ව්‍යාජ ලෙස පවත්වාගෙන ව්‍යාජ කච්චේරියක් වටලා හිටපු නගර සභා ලිපිකරුවෙක් අද (13) අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 65 හැවිරිදි පුද්ගලයෙක්.
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ, ප්‍රාදේශීය සභා ලේකම්වරුන්ගේ, ඉඩම් රෙජිස්ටාර්වරුන්, ආදායම් පරීක්ෂකවරුන්ගේ, විදුහල්පතිවරුන්ගේ ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසකගේ නිල මුද්‍රා 31ක් මෙහිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.
බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත දින 10ක් පමණ මේ සම්බන්ධයෙන් ආවේක්ෂණ රාජකාරි කිරීමෙන් පසු අද (13) අලුයම් කාලයේ මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.













