spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාණ්ඩ්‍යාගේ බලාපොරොත්තුව සූර්යකුමාර් පන්දු දෙකක් තුළ බොඳකර දමයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 20 වන තරගය මේ වනවිට මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මකයි.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ දිල්ලි කැපිටල්ස් නායක රිශාබ් පාන්ට් පළමුව පන්දුවට පහරදීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ආරාධනා කළා.

අද තරගය සඳහා ප්‍රවේගකාරී මුල්පෙළ පිතිකරුවෙක් වන සූර්යකුමාර් යාදව් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සඳහා කැඳවා තිබූ ආකාරය දැකගත හැකි වුණා.

ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ මෙවර තරගාවලියේ ක්‍රීඩා කර ඇති තරග තුනේම ක්‍රීඩා කළ නාමන් ධීර් වෙනුවෙටයි.

වළලුකරේ සැත්කමෙන් පසු සුවය ලබමින් සිටිය දී අද දිනයේ සූර්යකුමාර් තරගය සඳහා එක්කර ගනු ලැබුවේ මුම්බායි කණ්ඩායම පිතිකරණය අතින් ශක්තිමත් කිරීමේ අරමුණින්.

කෙසේ වෙතත් මුම්බායි නායක හර්දික් පාණ්ඩ්‍යාගේ එම බලාපොරොත්තුව බිඳ දමමින් පන්දු දෙකකට මුහුණ දී ලකුණු නොලබාම යළි ක්‍රීඩාගාරය වෙත හැරීයන්නට සූර්යකුමාර්ට අද සිදු වුණා.

ඇන්රිච් නොර්ට්ජේගේ පන්දුවකට උඩ පන්දුවක් ලබාදෙමින් සූර්යකුමාර් යාදව් මුම්බායි ඉනිමේ දෙවන කඩුල්ල ලෙස දැවී ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?