spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාඨලීගේ වැඩපිළිවෙල මහජන පක්ෂය ඉහළින්ම පිළිගනියි

වර්තමානයේ පවතින ප්‍රශ්න විසඳීමට නිවැරදි වැඩපිළිවෙළක් පාඨලී චම්පික රණවක විසින් ඉදිරිපත් කර ඇති බව ශ්‍රී ලංකා මහජන පක්ෂය පවසනවා.

‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ වැඩපිළිවෙළ සම්බන්ධව එක්සත් ජනරජ පෙරමුණ සහ ශ්‍රී ලංකා මහජන පක්ෂය අද (29) දිනයේ සාකච්ඡාවක් පැවැත්වූවා.

පොදු වැඩපිළිවෙළක් මගින් රටේ වත්මන් සමාජ හා ආර්ථික ගැටලු විසඳීමට හැකි බවයි ශ්‍රී ලංකා මහජන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න කියා සිටියේ.

එහිදී එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පෙන්වා දුන්නේ දෙපාර්ශවය අතර පැවති සාකච්ඡාව සාධනීය බවයි.

විශ්වසනීය දේශපාලන සන්ධානයකින් ජනතා ගැටලු විසඳීම අපේක්ෂාව බවත් මේවන විටත් පාර්ශව රැසක් සමග ඒ පිළිබඳව සාකච්ඡා කරන අතර ඉදිරියේදී ද තවත් සාකච්ඡා රැසක් සැලසුම් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?