spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාඨලි උසාවියට

2016 රාජගිරිය රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුලු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 18 වනදා යළි ඇරඹීමට කොළඹ මහාධිකරණය අද දින නියම කලා.

ඒ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදියි.

අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය නඩු වාරයට පැමිණ නොසිටි පාඨලී චම්පික රණවක මහතා ද අද අධිකරණය හමුවේ පෙනී සිටියා.

පාඨලී චම්පික රණවක මහතාට අමතරව ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ දිලූම් තුසිත කුමාර හා වැලිකඩ පොලිසියේ එවක ස්ථානාධිපති ලෙස කටයුතු කල වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?