පාට පක්ෂවලට, දේශපාලන ගැත්තෝ වී, මනුස්සකම පාවා දෙන, මිනිසත්කම ලැබූ තිරිසන් සතුන්

අපේ රටේ රටේ මිනිස්සු දැන් සත්තුන්ට සමාන කළාට වරදක් නෑ.
අපි මේ කියන්නේ හැම මනුස්සයා ගැනම නෙවෙයි..
අතලොස්සක් මිනිස්සු ගැන.
සම+හරක් මිනිස්සු බුද්ධියක් නැතිව කරන සමහර වැඩ තිරිසන් ලෝකේ සත්තුන්ටවත් සමාන කරන්න බෑ.
මොකද ඒ විදිහට කළොත් ඒ සතුන්ටත් අගෞරවයක්.
අපි මේ විදිහට කියන්න හිතුවේ පසුගියදා ඇතිවූ ගාලුමුවදොර සිදුවීම මැද දුටු දසුන් කිහිපයක් නිසා.
ඒ අතරින් සංවේදී සිදුවීමක් අපි දැක්කා.
ඒ ආබාධිත පුද්ගලයෙකුට පහරදෙන සිදුවීමක්.
සුවිශේෂී කාරණය තමයි පොලිස් නිලධාරියෙක්ද ඒ අසළ සිටීම.
අපිට අහන්න තියෙන්නේ සල්ලිවලට, අපේ ඇමතිතුමා කියන පුහු මාන්නෙට රැවටිලා තමන්ගේම පංතියේ මනුස්සයෙකුට අත උස්සන්න තරම් පහත් මිනිස්සු මේ රටට සමාජයට විනයක් නෙවෙයිද..?
උසි ගන්වලා එවපු එක ඇමතියෙක් මේ සිදුවීම නිසා ගුටි කෑවද..?
ඒ අයගේ නිවෙස්වලට සිදුවූ හානිය පවා අපේ මුදලින් පිළිසකර කරාවි.
ඒ නිසා අපිට කියන්න තියෙන්නේ දේශපාලකයා විසින් අද මිනිස්සුන්ව මෝඩයන් කර හමාරයි.
උන්ගේ බහට රැවටී පාට පක්ෂවලට බෙදී තමන්ගේම පංතියේ උන් සමග ගැටුම් ඇතිකරග්නා යුගය අප අවසන් කළ යුතුය.
ඒ වගේම මෙම සිදුවීම් හරහා නිරූපනය වළ මෙම ගැටුමට සම්බන්ධ සියළු දෙනාටම නීතියක් ක්‍රියාත්මක කළ යුතුය..
අපි දන්නේ නෑ මේ අයට නීතිය ක්‍රියාත්මක වෙයිද කියන්න.
මොකද ජීවිත අහිමි කළ බොහෝ පිරිසක් රෝහල් ගත කළ මෙම සිදුවීමට සම්බන්ධ අනුබල දුන් කිසිවෙකුත් අත්අඩංගුවට ගන්න ශ්‍රී ලංකා පොලිසියට තවමත් බැරිවුණා.
පොලිසියේ ඉහළ පුටුවල වැජබෙන පොලිස්පති සිහිනයෙන් වියරු වැටී සිටින නිලධාරීන් පවා මෙම සිදුවීම මැද ඇමතිවරුන් සමග සතුටුසාමීචියේ යෙදිමින් පැමිණි අයුරු රටම දැනගෙන හමාරයි.
නමුත් තවමත් ඒ කිසිවෙකුටත් නීතියක් ක්‍රියාත්මක කිරීමට තරම් කොන්දක් ඇති පොලිසියක් රටට නැතිවීම කණගාටුවක්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06