පාකිස්ථානය එක්දින තරගාවලියේ පෙරමුණ ගනී

සල්මන් ආගාගේ වටිනා ශතකය සහ හරිස් රවුෆ් ගේ සුපිරි පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකාව සමඟ පැවති පළමු එක්දින තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට පාකිස්ථානයට ඊයේ (11) හැකියාව ලැබුණා.

රාවල්පිණ්ඩි හි පැවැති මෙම තරගයෙන් පාකිස්ථානය ජයගත්තේ ලකුණු හයකින්.

පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීම සඳහා පාකිස්ථාන කණ්ඩායමට ආරාධනා කළා.

ඒ, අනුව පාකිස්තාන ලකුණු පුවරුව ලකුණු 14ක් ලෙස දිස්වෙද්දී පළමු කඩුල්ල ලෙස සයිම් අයුබ් ලකුණු 06කට දවා ගන්නට අසිත ප්‍රනාන්දු සමත් වුණා.

පාකිස්ථාන මුල් කඩුලු 04 ලකුණු 95ක් තුළ දැවී ගියත් පස්වන වැනි කඩුල්ලට ලකුණු 138 සබඳතාවක් ගොඩ නගන්නට සල්මන් අගා සහ හුසේන් තලාත් සමත් වුනේ පාකිස්ථාන ඉනිමට සවිමත් මුක්කුවක් ගසමින්.

එහිදී දෙවැනි ශතකය රැස්කිරීමට සල්මන් අගා සමත් වූ අතර, ඔහු පන්දු 87කට මුහුණ දී නොදැවී ලකුණු 105ක් රැස් කළා.

අනෙක් අන්තයේ සිට ඔහුට වටිනා සහයක් ලබාදුන් හුසේන් තලාත් ලකුණු 62 රැස් කිරීමට සමත් සමත් වුණා.

තලාත්ගේ දැවියාමෙන් පසු 06 වැනි කඩුල්ලට නොබිදුණු ලකුණු 66ක සබඳතාවක් එක්කළ සල්මන් අගා සහ මොහොමඩ් නවාස් පාකිස්ථාන ලකුණු පුවරුව නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 05ක් දැවී ලකුණු 299ක් දක්වා ඉහළට ඔසවා තැබුවා.

පන්දු යැවීමේදී වනිඳු හසරංග පාකිස්ථාන ඉනිමේ කඩුලු 03ක් දවාගත්තා.

අනතුරුව ලකුණු 300ක ඉලක්කයක් හඹායාම සඳහා ශ්‍රී ලංකා ඉනිම ඇරඹුවේ පැතුම් නිස්සංක සමඟින් කමිල් මිෂාරයි.

කමිල් මිෂාර ලකුණු 38කට දැවී ගිය අතර, පිට පිට එක්දින තරග දෙකකදී ලකුණු නොලබා දැවී ගොස් සිටි කුසල් මෙන්ඩිස් මෙම තරගයේ දී ද ලකුණු නොලබා සිටිය දී නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට හැරිස් රවුෆ් සමත් වුණා.

ඒ, අනුව මෙන්ඩිස් අමිහිරි වාර්තා අතරට එක්වුණේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී වැඩිම වාර ගණනක දී ලකුණු නොලබා දැවීගොස් ඇති පිතිකරුවා ලෙසයි.

කුසල් මෙන්ඩිස් ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ආකෘති තුනේ දී අවස්ථා 37* කදී ලකුණු නොලබා දැවීගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් සදීර සමරවික්‍රම ලකුණු 39ක් රැස්කළ අතර, නායක චරිත් අසලංකට රැස්කර ගත හැකි වූයේ ලකුණු 32ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිමට යම් බලාපොරොත්තුවක් ගෙන එන්නට වනිඳු හසරංගට හැකියාව ලැබුනත්, ඔහු රැස්කළ ලකුණු 59 ශ්‍රී ලංකා ජයග්‍රහණයට ප්‍රමාණවත් වූයේ නැහැ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 09ක් දැවී රැස්කර ගැනීමට හැකි වුණේ ලකුණු 293ක් පමණයි.

ඒ, අනුව මෙම තරගය ලකුණු 06කින් ජයගත් පාකිස්ථානය තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග එකට බිංදුවක් ලෙස පෙරමුණ ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14