පාකිස්ථානයේ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහළට

පාකිස්ථානයෙන් වාර්තා වන කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩ සිදුවීම්වල වර්ධනයත් සමග කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම්වල විරෝධතා ඉහළ ගොස් තිබෙනවා.

ඊට ආසන්නතම සිදුවීම ලෙස වාර්තා වූයේ ඉස්ලාමාබාද් අගනුවර විශාලතම උද්‍යානය වන ෆාතිමා ජින්නා උද්‍යානයේ මිතුරෙකු සමඟ ඇවිදීමට ගිය තරුණියකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් පහර දී ගිනිඅවි පෙන්වා ලිංගික අතවර කිරීමේ සිදුවීමයි.

එම සිද්ධිය සමාජ මාධ්‍යවල කැළඹීමක් ඇති කළ අතර කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම්වල විරෝධතා ඉහළ නැංවීමටද හේතු වුණා.

කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් පසු එම සැකකරුවන් දෙදෙනාම පොලිසිය අතින් ඝාතනයට ලක්ව තිබුණා.

පොලිසිය විසින් ප‍්‍රහාරකයන් ඝාතනය කිරීම පකිස්ථාන කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ යුක්තිය පසිඳලීමේ දුර්වලතා පිළිබඳව යළි යළිත් ප්‍රශ්න කරන බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

ඉස්ලාමාබාද් පොලිසිය පැවසුවේ, මුරපොලකදී ඇති වූ වෙඩි හුවමාරුවකින් සැකකරුවන් දෙදෙනාම මිය ගිය බවයි. ඔවුන් එසේ පැවසුවද මෙය අධිකරණ විරෝධී ඝාතනයන් යැයි වින්දිතයාගේ නීතීඥවරයා විවේචනය කළා.

නමුත් එය පාකිස්ථාන පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරනවා.

විශේෂඥයින් පවසන්නේ මෙම සිදුවීම කාන්තාවන්ට එරෙහි හිංසනය පිළිබඳ ගැටළුව සහ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය නැවත සකස් කිරීමේ අවශ්‍යතාව ඉස්මතු කරන බවයි.

2021 දී පකිස්ථානයේ ස්ත්‍රී දූෂණ සිදුවීම් 5,200ක් වාර්තා වී ඇති බව පකිස්ථාන මානව හිමිකම් කොමිසම පෙන්වා දෙනවා.
War against rape සංවිධානය පවසන්නේ එම සිදුවීම්වලදී ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් වරදකරුවන් වීමේ ප්‍රතිශතය සියයට 3කටත් වඩා අඩු බවයි.

පකිස්ථාන මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපතිවරයෙකු වන සෝරා යූසෆ් විශ්වාස කරන්නේ කාන්තාවන් සඳහා ඇති ඉඩකඩ හැකිලෙමින් පවතින බවයි.

පකිස්ථානය වැනි රටක, කාන්තාවන් බාධක බිඳ දැමීමට උත්සාහ කරන විට, සමාජයේ පුරුෂාධිපත්‍යය ස්ත්‍රී දූෂණය නමැති ප්‍රචණ්ඩ මෙවලම යොදා ගනිමින් ඒවා නැවැත්වීමට උත්සාහ කරන බව ඇය පෙන්වා දෙනවා.

නීතිය ක්‍රියාත්මක කරන ආයතන සාමාන්‍යයෙන් වින්දිතයන් සමඟ සහයෝගයෙන් කටයුතු නොකරන අතර ඔවුන්ගේ දුක් වේදනා තවත් වැඩි කරන බව ඇයගේ අදහසයි.

කාන්තාවන් අඩුවෙන් ඇඳුම් අඳින්නේ නම්, ඔවුන් රොබෝවරු නොවේ නම්, පිරිමින්ට එය බලපෑමක් ඇති කරන බවට හිටපු අගමැති ඉම්රාන් ඛාන් 2021 ජුනි මාසයේදී කළ ප්‍රකාශයත් සමග යූසුෆ් ප්‍රශ්න කළේ ලිංගික හිංසනය සම්බන්ධයෙන් අගමැතිවරයෙකු පවා කාන්තාවන්ට දොස් පවරන්නේ නම්, සාමාන්‍ය මිනිසුන්ගෙන් කෙනෙකුට අපේක්ෂා කළ හැක්කේ කුමක්ද යන්නයි.

ඉස්ලාමාබාද් නුවර මධ්‍යයේ සිදු වූ ස්ත්‍රී දූෂණය මගින් පෙන්වන්නේ ඔවුන් කොතැනකවත් ආරක්‍ෂිත නොමැති බව යැයි පකිස්ථානයේ මානව හිමිකම් සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් වන සමාජ සාධාරණත්වය සඳහා වූ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පීටර් ජේකබ් පවසනවා.

බලුකිස්තානයේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන හමීඩා නූර් සඳහන් කළේ වින්දිතයන්ට ඇතිවන සමාජ අපකීර්තිය හේතුවෙන් බොහෝ ස්ත්‍රී දූෂණ වාර්තා නොවන බවයි.

අධිකරණයේ ස්ත්‍රී දූෂණ නඩු ඵලදායි ලෙස තර්ක කිරීමට හැකි වන පරිදි නඩු පවරන්නන්ගේ ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා රජය ආයෝජනය කළ යුතු බව ඔවුන්ගේ අදහස වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55