spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාකිස්ථානයට ලකුණු 205ක ඉලක්කයක්

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අද පැවැත්වෙන බංග්ලාදේශ – පාකිස්ථාන තරගයේ පළමු ඉනිම පහර දුන් බංග්ලාදේශයෙන් පාකිස්ථානයට ජයග්‍රහණය සඳහා ලකුණු 205ක ඉලක්කයක් හිමි වුණා.

අද තරගය ආරම්භ වූයේ පස්වරු 02ට Eden Gardens ක්‍රීඩාංගණයේ දීයි.

කාසියේ වාසිය දිනූ නායක ශකීබ් අල් හසන් පළමු ව පිතිකරණය තෝරාගත්ත ද, එය හිතූ තරම් පහසු කරුණක් වූයේ නැහැ.

ඊට හේතුව වූයේ පාකිස්ථාන පන්දු බලඇණියේ පීඩනය බංග්ලාදේශයේ පිතිකරුවන්ව දියාරු කරවීමට සමත් වීම නිසාවෙන්.

බංග්ලාදේශය වෙනුවෙන් අද තරගයේ වැඩිම ලකුණුලාභියා වූයේ මහම්මුදුල්ලාහ් පමණි.

ඔහු ලකුණු 56ක් රැස් කළා.

මහම්මුදුල්ලා සමග සිය අර්ධ ශතකය ආසන්නයේ සිටි දාස් ලකුණු 45ක් ලබා සිටියේ දී දවා ගන්නට ඉෆ්තිකර් අහ්මඩ් සමත් වුණා.

නායක ශකීබ් ලකුණු 43යි.

කඩුලු ලබා ගැනීමේ දී ෂහීන් ශා අෆ්‍රිඩි ලකුණු 23කට කඩුලු 03ක් බිඳ දැමුවා.

හාරිස් රවුෆ් හා වසීම් නමින් කඩුලු 02ක් ලියැවුණා.

ඉෆ්තිකර්ට සහ උසාමාට එක් කඩුල්ල බැගින් හිමිවුණා.

මෙම තරගය ජය ගැනීම දෙපිළට ම ප්‍රසාද ලකුණු සටහනේ සිය ස්ථානයන් රැක ගැනීමටත් තීරණය කිරීමටත් වැදගත් වනවා.

බංග්ලාදේශය මේ වනවිට 9 වැනි ස්ථානයේ ත්, පාකිස්ථානය 7 වැනි තැනත් සිටින්නේ, දෙපිළ ම මුහුණදුන් තරග 06න් පිළිවෙළින් එකක් සහ දෙකක් ජය ගනිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?