පාකිස්ථානයට ලකුණු 205ක ඉලක්කයක්

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අද පැවැත්වෙන බංග්ලාදේශ – පාකිස්ථාන තරගයේ පළමු ඉනිම පහර දුන් බංග්ලාදේශයෙන් පාකිස්ථානයට ජයග්‍රහණය සඳහා ලකුණු 205ක ඉලක්කයක් හිමි වුණා.

අද තරගය ආරම්භ වූයේ පස්වරු 02ට Eden Gardens ක්‍රීඩාංගණයේ දීයි.

කාසියේ වාසිය දිනූ නායක ශකීබ් අල් හසන් පළමු ව පිතිකරණය තෝරාගත්ත ද, එය හිතූ තරම් පහසු කරුණක් වූයේ නැහැ.

ඊට හේතුව වූයේ පාකිස්ථාන පන්දු බලඇණියේ පීඩනය බංග්ලාදේශයේ පිතිකරුවන්ව දියාරු කරවීමට සමත් වීම නිසාවෙන්.

බංග්ලාදේශය වෙනුවෙන් අද තරගයේ වැඩිම ලකුණුලාභියා වූයේ මහම්මුදුල්ලාහ් පමණි.

ඔහු ලකුණු 56ක් රැස් කළා.

මහම්මුදුල්ලා සමග සිය අර්ධ ශතකය ආසන්නයේ සිටි දාස් ලකුණු 45ක් ලබා සිටියේ දී දවා ගන්නට ඉෆ්තිකර් අහ්මඩ් සමත් වුණා.

නායක ශකීබ් ලකුණු 43යි.

කඩුලු ලබා ගැනීමේ දී ෂහීන් ශා අෆ්‍රිඩි ලකුණු 23කට කඩුලු 03ක් බිඳ දැමුවා.

හාරිස් රවුෆ් හා වසීම් නමින් කඩුලු 02ක් ලියැවුණා.

ඉෆ්තිකර්ට සහ උසාමාට එක් කඩුල්ල බැගින් හිමිවුණා.

මෙම තරගය ජය ගැනීම දෙපිළට ම ප්‍රසාද ලකුණු සටහනේ සිය ස්ථානයන් රැක ගැනීමටත් තීරණය කිරීමටත් වැදගත් වනවා.

බංග්ලාදේශය මේ වනවිට 9 වැනි ස්ථානයේ ත්, පාකිස්ථානය 7 වැනි තැනත් සිටින්නේ, දෙපිළ ම මුහුණදුන් තරග 06න් පිළිවෙළින් එකක් සහ දෙකක් ජය ගනිමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05