AFC Banner
AFC Banner
Empty Ad

පාකිස්තානයේ මගී රථ පෙළක් ඉලක්ක කර වෙඩි තැබීමක් – 11ක් මරුට

පාකිස්තානයේ කයිබර් පක්තුන්ක්වා (Khyber Pakhtunkhwa) නගරයේ ලොවර් කුරම් ( Lower Kurram) දිස්ත්‍රික්කයේ ඔකත් ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබූ මගී රථ පෙළකට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ත්‍රස්තවාදීන් විසින් සැලසුම්සහගතව වෙඩි තැබීම් සිදු කර ඇති බවත් ඉන් 11 දෙනෙකුට දිවි අහිමි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තවත් 38 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

පාකිස්තාන මාධ්‍යයට අනුව මියගිය අය අතර කාන්තාවන් තිදෙනෙකු ද සිටිනවා.

පකිස්ථානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Mohsin Naqvi සඳහන් කර ඇත්තේ මෙම වෙඩි ප්‍රහාරය මෑතකාලීනව සිදු වූ අපරාධමය සිදුවීම්වල කොටසක් විය හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?