පාකිස්ථානයට ඔල්වරසන් දුන් වරදට මුස්ලිම් ජාතිකයන් අත්අඩංගුවට

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගයේදී ඉන්දියාවට එරෙහිව පාකිස්තානය ලැබූ ජයග්‍රහණය සැමරූ බව කියන කාශ්මීර සිසුන් තිදෙනෙකු උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

තරගය අතරතුර “ඉන්දීය විරෝධී සහ පාකිස්තාන ගැති” සටන් පාඨ කියමින් “සතුරුකම සහ සයිබර් ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීම” සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී ඇති බව පොලිසිය පවසයි.

පාකිස්තාන කණ්ඩායමට ඔල්වරසන් දීමේ චෝදනාව ඇතුළු අග්‍රා නගරයේ සිදු වූ අනෙකුත් අත්අඩංගුවට ගැනීම් මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව සිදුවන මර්දනයේ නවතම සිදුවීම් මාලාවය.

පාකිස්තානය කඩුලු 10කින් ඉන්දියාව පරාජය කළේය.

මෙම දකුණු ආසියාතික අසල්වැසියන් අතර සබඳතා සැමවිටම අයහපත් මට්ටමක පවතින අතර, ක්‍රිකට් තරගයකින් මෙය බොහෝ විට නරක අතට හැරේ.

විචාරකයින් පවසන්නේ ඉන්දියාව තරගය පරාජය වීමෙන් පසු බොහෝ ඉන්දියානුවන්ට ඔවුන්ගේ ක්‍රීඩාශීලිත්වය අමතක වී ගොස් ඇති අතර, පරාජයේ දොස් පැවරීමට යමෙක් සොයමින් සිටින බවය.

තරගය අවසන් වූ විගස, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ එකම මුස්ලිම් ජාතිකයා වන මොහොමඩ් ෂාමිට අන්තර්ජාලය හරහා දරුණු ලෙස ප්‍රහාර එල්ල වන්නට විය. ඔහු හිතාමතාම පාකිස්තානු කණ්ඩායමට ලකුණු ලබා දුන් බවට සමාජ මාධ්‍ය භාවිත කරන්නන් චෝදනා කරන අතර, තවත් සමහරු ඔහු ද්‍රෝහියෙකු ලෙස නම් කළහ.

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන්ට ප්‍රශංසා කරමින් වට්ස්ඇප්හි පළ කළ සටහනක් හේතුවෙන් අග්‍රා හි සිටි කාශ්මීර සිසුන් තිදෙනාට ඔවුන්ගේ විද්‍යාලයේ පන්ති තහනම් කර තිබේ.

පාලක භාරතීය ජනතා පක්ෂයේ (BJP) සාමාජිකයින් කිහිප දෙනෙකුගේ පැමිණිල්ලකට අනුව ඔවුන් බදාදා (27) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

“මේ අය උත්සාහ කරන්නේ කලබල අවුස්සලා රටේ වාතාවරණය නරක අතට හරවන්නයි,” සිසුන්ට එරෙහි පොලිස් පැමිණිල්ල උපුටා දක්වමින් ‘Quint’ නම් පුවත් වෙබ් අඩවියක් වාර්තා කළේය.

තරගය පැවැත්වූ ඉරිදා (23) සිට තවත් මුස්ලිම් ජාතිකයන් කීපදෙනෙක් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට ඔල්වරසන් දීම හේතුවෙන් විවිධ ගැටලුවලට මුහුණ දී ඇත.

පාකිස්තාන ජයග්‍රහණයෙන් පසු වට්ස්ඇප් හි සැමරුම් සටහනක් බෙදාගැනීම නිසා රාජස්ථාන් ප්‍රාන්තයේ පාසල් ගුරුවරියකට රැකියාව අහිමි විය. ඇයව ද බදාදා (27) දින අත්අඩංගුවට ගත් බව ‘Press Trust of India’ වාර්තා කළේය.

පාකිස්තාන ජයග්‍රහණය සැමරීම නිසා කාශ්මීර සිසුන් පිරිසකට පහරදීමක් ගැන උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.

තරගය අතරතුර පාකිස්තානයට පක්ෂපාතී සටන්පාඨ කියා කෑගැසීම සම්බන්ධයෙන් ඉන්දීය පාලිත කාශ්මීරයේ පොලිසිය වෛද්‍ය විද්‍යාල දෙකක සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට ඉතා දරුණු ත්‍රස්ත විරෝධී නීතිය යටතේ චෝදනා ගොනු කර තිබේ.

දශක ගනනාවක් තිස්සේ ඉන්දියාවට එරෙහිව සන්නද්ධ කැරැල්ලක් දැක ඇති හිමාලයානු කලාපයේ සිටින කාශ්මීර වැසියන් සිය ගණනක් තරගයෙන් පසු වීදිවලට බැස ප්‍රීති ඝෝෂා නගමින්, “පාකිස්තානයට දීර්ඝායුෂ ලැබේවා” යැයි කෑගැසූ බව ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කර තිබිණි.

ඉන්දියාව සහ පාකිස්තානය යන රටවල් දෙකම එම භූමියට හිමිකම් කියන නමුත් ඉන්දියාව පාලනය කරන්නේ එම කලාපයේ කොටස් පමණි. න්‍යෂ්ටික සන්නද්ධ අසල්වාසීන් මේ සම්බන්ධයෙන් දෙවරක් යුද වැදී ඇත.

උපුටා ගැනීම – බීබීසී සිංහල පුවත් සේවය

  1. Indians are so about cricket. Dont you remember many years before Indian cricket. KAPIL DEV the indian captain had lot of private life hindrances happened when matches got defeats.
    That is how Indians feel about cricket. That is why IPLs also so popular.🇱🇰



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31
Video thumbnail
රැඳවියන්ගේ පවුලේ අයට යකා නගියි - "බන්ධනාගාර නිලධාරින්ගේ කොන්ද කෙළින් නෑ"
00:58
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර
00:52
Video thumbnail
කළු ඇදගත් SF නිලධාරින් පෝළිමට පිටව ගිය හැටි
00:13
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර - සිරුර ධීවරයෙකුගේ යැයි සැක කරයි
01:28
Video thumbnail
මීගමුව සහ මහර සිද්ධිය අතර සම්බන්ධතාවයක් ?අපි බලමු ඉස්සරහට - දේශපාලකයෝ කළබලවෙලා
05:35
Video thumbnail
මහර ඇතුළේ ඇත්ත නැත්ත මෙන්න - වැසිකිළි යන්න වතුර නැති නිසා රැඳවියෝ නොකා ඉන්නේ
12:13
Video thumbnail
මහර සිටි තවත් සිරකරුවන් බන්ධනාගාර බස්වලින් රැගෙන යයි - බස්ටික පෝළිමට යන හැටි
00:47