පාකිස්තානයට ඉනිමක පරාජයකින් බේරෙන්නට එක් දිනක් තුළ තවත් කඩුලු 04ක වරමක්

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පාකිස්තාන කණ්ඩායම සිය දෙවැනි ඉනිමට පිතිකරණය අරඹමින්; තරගයේ සිව්වැනි දිනය වන අද (10) දිනය නිමාවන විට කඩුලු 06ක් දැවී ලකුණු 152ක් ලබා සිටිනවා.

ඒ ප්‍රතිවාදී එංගලන්තයේ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 115ක් පිටිපසින් සිටිමින්.

තරගය මුල්තාන් නුවර දී ආරම්භ වූයේ කාසියේ වාසිය පාකිස්තාන කණ්ඩායමට හිමිකර දෙමින්.

පාකිස්තාන කණ්ඩායම පළමු ව ලකුණු රැස් කිරීම තෝරා ගනිමින් සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 556ක් රැස් කළා.

එහිදී විශිෂ්ට ශතක රැස් කරමින් අබ්දුල්ලා ශාෆිකී, ශාන් මසූඩ් සහ සල්මන් අගා සිය කණ්ඩායමේ ලකුණු පුවරු පිළිවෙළින් ලකුණු 102,151ක් සහ නොදැවී ලකුණු 104ක් ලෙස වර්ණවත් කිරීමට සමත් වුණා.

කඩුලු බිඳ දැමීමේ දී එංගලන්තය වෙනුවෙන් පළමු ඉනිමට වැඩිම කඩුලුලාභියා වූයේ ජැක් ලීච්.

ඔහු කඩුලු 03කට වගකියූ අතර ඇට්කින්සන් සහ බ්‍රයිඩන් කාර්ස් කඩුලු 02ක් ද, එක් කඩුල්ල බැගින් වෝර්ක්ස්, රූට් සහ බෂීර් විසින් බිඳ දමනු ලැබුවා.

පිළිතුරු ඉනිම සිය පළමු ඉනිම සඳහා පිතිකරණය ඇරඹි එංගලන්තයෙන් පාකිස්තාන පන්දු යවන්නන්ට රිසි සේ ඉවසීමෙන් පහරදෙන්නට වුණා.

එහිදී ටෙස්ට් ඉතිහාසය අලුත් කෙරුණු අතර රූට් සිය ටෙස්ට් දිවියේ සයවැනි ද්විත්ව ශතකය සහ වැඩිම ලකුණු ප්‍රමාණය ද ලබාගත්තා.

රූට් දැවී යනවිට ලකුණු 262ක් ලබා සිටියා.

සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකය, මංගල ටෙස්ට් ත්‍රිත්ත්ව ශතකය මෙන් ම, සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ක්‍රීඩකයෙකු රැස් කළ ඉහළතම ලකුණු සංඛ්‍යාව ලබන්නට හැරී බෘක් සමත් වුණා.

ඔහු දැවී ගියේ ලකුණු 317ක් ලබා සිටියදියි.

බෙන් ඩකට් ලකුණු 84ක් සහ සැක් ක්‍රෝලි 78ක් ලබා ගත්තා.

තරගයේ සිව්වැනි දිනයේ දෙවැනි අර්ධයේ දී ලකුණු 823ක් කඩුලු 07ක් දැවී ලබා සිටියදී එංගලන්ත කණ්ඩායම සිය ඉනිම අත්හිටවනු ලැබුවා.

ඒ ප්‍රතිවාදීන්ට වඩා සිය පළමු ඉනිමෙන් ලකුණු 267ක් ඉදිරියෙන් සිටිමින්.

සිය දෙවැනි ඉනිමට පිතිකරණය ඇරඹූ පාකිස්තාන පිතිකරුවන් දැඩී අසීරුවකට පත් කරමින් දිනය අවසාන වනවිට එංගලන්ත පන්දු බලඇණිය විසින් පාකිස්තානයේ කඩුලු 06ක් බිඳ දැමීමට සමත් වුණා.

අද දිනයේ දී පාකිස්තානයේ දෙවැනි ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූයේ සල්මන් අගා යි.

ඔහු නොදැවී ලකුණු 41ක් සහ අනෙක් අන්තයේ රැඳී සිටින ආමෙර් ජමාල් නොදැවී ලකුණු 27ක් ලබා සිටිනවා.

දෙවැනි ඉනිම වෙනුවෙන් පාකිස්තානයේ කඩුලු දඩයම අරඹමින් අද දිනය නිමාවන විට වැඩිම කඩුලුලාභීත්වය සිය නම ඉදිරියෙන් ලියා ගන්නට ඇට්කින්සන් සහ බ්‍රයිඩන් කාර්ස් සමත් ව සිටින්නේ කඩුලු 02ක බැගින් බිඳ හෙලමින්.

එක් කඩුල්ල බැගින් වෝර්ක්ස්ටත්, ලීච්ටත් හිමිව තිබෙනවා.

හෙට (11) තරගයේ අවසන් දිනය වන අතර එංගලන්තයට එරෙහිව ඉනිමක පරාජයෙන් ගැලවීමට නම් පාකිස්තානය එක් දිනක් තුළ තවත් ලකුණු 115ක් ලබාගත යුතු වනවා.

තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට හෝ පරාජයෙන් ගැලවීමට නම්; හෙට දිනය පුරාවටම පාකිස්තානයට තවත් ඉතිරිව ඇත්තේ කඩුලු 04ක් පමණක් වීම ද ඔවුන්ට යම් පීඩනයක් එල්ල කිරීමට සමත් ව ඇති සුවිශේෂී කරුණක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32