ප්‍රියන්ත කුමාරගේ ඝාතනය පිළිබඳ රජයේ විමර්ශනවල අලුත් තත්ත්වය

පකිස්ථානයේ සියල්කොට්හිදී වධ හිංසනයට ලක් කර ඝාතනය කළ ප්‍රියන්ත කුමාර මහතාගේ මෘත දේහයේ කොටස් රැගත් ගුවන් යානය අද පස්වරු 5 ට ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිත ය.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පාකිස්ථාන රජය පවසා ඇති අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 230 කට අධික පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 13 දෙනෙකු ඊයේ සියල්කොට්හිදී අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, පකිස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් පකිස්ථානයේ විදේශ කටයුතු අමාත්‍යංශයෙන් විමර්ශන වාර්තාවක් ඉල්ලා ඇති බව ය‍.

ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාරගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් වන්දි ලබා ගැනීමට අදාළ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යාවේදී උපාධිය ලද ප්‍රියන්ත කුමාර මහතා පකිස්ථානය වෙත ගොස් ඇත්තේ මීට වසර 11 කට පෙරදී ය.

48 හැවිරිදි ප්‍රියන්ත කුමාර මහතා ගණේමුල්ල කැන්දලියද්දපාළුව ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18