ප්‍රවීණ මාධ්‍යවේදිනී සුමනා නෙල්ලම්පිටියගේ අවසන් කටයුතු හෙට

ඊයේ (08) උදෑසන රෝගාතුරව සිටියදී අභාවප්‍රාප්ත වූ මෙරට ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය මහත්මියගේ දේහය පිළිබඳ ව අවසන් කටයුතු හෙට (10) දිනයේ දී සිදු කිරීමට නියමිත ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඇයගේ දේහය මේ වනවිට කොළඹ 07 ටොරින්ටන් උද්‍යානයේ පිහිටි ඇයගේ නිවසෙහි තැන්පත් කර ඇති බවයි.

ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව දේහය හෙට පස්වරු 03ට ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය වෙත රැගෙන යාමට නියමිත ව තිබෙනවා.

ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ පස්වරු 03 – 05 දක්වා අවසන් ගෞරව දැක්වීමට තැන්පත් කර තිබෙන අතර පස්වරු 5.30ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී අවසන් කටයුතු සිදු කිරීමටයි නියමිත ව ඇත්තේ.

වේරහැර කොතලාවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අභාවප්‍රාප්ත වුණා.

අභාවප්‍රාප්ත වන විට ඇය 80 හැවිරිදි වියෙහි පසුවුණා.

සුමනා නෙල්ලම්පිටිය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව සජ ස්වාධීන රූපවාහිනී සේවයේ ද ප්‍රවීණ ප්‍රවෘත්ති නිවේදිකාවක් ද වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21