ප්‍රවීණ දේශක ලේඛක දමින්ද දිසානායකගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියනයක්

රාජ්‍ය සේවා තරග විභාග පිළිබඳ ප්‍රවීණ දේශක දමින්ද දිසානායක මහතා විසින් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka අරමුදලට රුපියල් මිලියනයක් පරිත්‍යාග කර තිබෙනවා.

දමින්ද දිසානායක මහතා විසින් රුපියල් මිලියනයක චෙක්පත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිළිගන්වනු ලැබුවා.