ප්‍රවීණ ගේය පද රචකයෙකු වන ආනන්ද පද්මසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.63 වියේ මියයනවිට ඔහු පසුවිය.
අද (14) අලුයම ඇතිවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ආනන්ද පද්මසිරි අභාවප්‍රාප්ත වි තිබේ.
රන්ජන් රාමනායක ගයන අතිශය ජනප්‍රිය ගීතයක් වන රන් සමනල ජෝඩුව වාගේ,ජිප්සීස් කණ්ඩායම ගායනා කළ ඔබ ඉන්නේ කොහෙද කියා,මේරියන්ස් කණ්ඩායම ගයන සාමේ ඉරේ රැස් දහරාවේ
මිල්ටන් මල්ලවආරච්චි ගයන සීතල හිම රටේ,රූකාන්ත/ චන්ද්‍රලේඛා ගයන නිල් තරු නෙතු හිනැහේ
විජය කුමාරතුංග ගයන දේවදාර ගස් අතරින් එබී බලන ,එච්. ආර්. ජෝතිපාල ගයන පාලු හැන්දෑවේ ආදී ජනප්‍රිය ගීත රැසක් ආනන්ද පද්මසිරි විසින් රචනා කර තිබේ.













