spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රමෝද්‍ය දෙවැනි දිනටත් ක්‍රීඩා පොලිසියට (ඡායාරූප)

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ අද දෙවැනි දිනටත් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණියා.

ඒ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා පිටියේ පිහිටි ඒකකය වෙතයි.

අද දහවල් 12ට පමණ සභාපතිවරයා එම ස්ථානයට පැමිණි බවයි අප වාර්තාකරු පැවසුවේ.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පසුගිය 21 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ පළමු වරට පෙනී සිටියා.

ඒ, ඇතැම් පාර්ශ්වයන්ගේ ක්‍රියා කලාප හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවට හානි සිදු ව ඇති බවට ඔහු විසින් පසුගියදා නිකුත් කළ නිවේදනයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා යි.

WhatsApp Image 2023 11 27 at 13.32.25
WhatsApp Image 2023 11 27 at 13.31.56
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?