ප්‍රභූ ආරක්ෂාවක් සහිතව ශ්‍රී ලංකා කණ්ඩායම අද තරග බිමට (ඡායාරුප)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර එක්දින තරගාවලියේ දෙවන එක්දින තරගය අද (14) රාවල්පින්ඩි ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතයි.

මෙම තරගය ඊයේ දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණද ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ඇති වූ ආරක්ෂක සම්බන්ධයෙන් වන ගැටළු හේතුවෙන් මෙම තරගය අද දිනයට කල් දැමීමට පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තීරණයකර තිබුණා.

ඒ අනුව අද මෙම තරගයට ශ්‍රී ලංකා පිළ පිවිසෙන්නේ දැඩි ආරක්ෂක රැකවල් සහිතව වන අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ආරක්ෂක හේතුන් මත තරගාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට අකමැති වීමෙන් පසු ඔවුන්ට එරට තුළ රාජ්‍ය නායකයෙකුට පවා හිමිවන උපරිම ආරක්ෂාව ලබා දීමට පාකිස්ථානය විසින් තීරණයකර තිබෙනවා.

ඒ අද තරගයට ප්‍රථමව ඊයේ පැවති අවසන් පුහුණු සැසියේ දී ද මෙරට ක්‍රීඩකයින්ට විශේෂ ආරක්ෂාවක් ලබා දී තිබූ අතරම පාකිස්තාන ක්‍රිකට් සභාපතිවරයා සහ පාකිස්තාන කණ්ඩායම පැමිණ ක්‍රීඩාංගනය තුළට මෙරට ක්‍රීඩකයින් මහත් හරසරින් පිළිගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18