ප්‍රභාත් ජයසූරිය ICC විශිෂ්ඨතම ක්‍රීඩකයින් අතරට

අප්‍රේල් මාසයේ ක්‍රිකට් පිටියේ දක්ෂතා දැක්වූ විශිෂ්ඨතම ක්‍රීඩකයින් තිදෙනා අතරට ශ්‍රී ලංකාවේ ප්‍රභාත් ජයසූරියගේ නම එක්වී තිබෙනවා.

ඒ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මාසිකව සිදුකරන ක්‍රීඩක නාමයෝජනා ලැයිස්තුව ප්‍රකාශයට පත් කිරීමත් සමඟයි.

ප්‍රභාත් ජයසූරියගේ නම යෝජනාවී ඇත්තේ ටෙස්ට් ක්‍රිකට් කාණ්ඩයෙන්. ඒ, අයර්ලන්තය සමඟ පැවති ටෙස්ට් තරඟාවලියේදී දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගෙනයි.

එහිදී ප්‍රභාත් ජයසූරිය නව ලෝක වාර්තාවක් ද බිහි කළා. ඒ, අඩුම තරඟ සංඛ්‍යාවකින් කඬුලු 50ක් බිද හෙලූ ටෙස්ට් දඟ පන්දු යවන්නා බවට පත් වෙමින්.

එය වසර 71ක් පැරණි ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක් වීම විශේෂත්වයක්. ටෙස්ට් තරඟ පිටියේ සියලු පන්දු යවන්නන් සැලකීමේදී අඩුම තරඟ සංඛ්‍යාවකින් කඬුලු 50 ක් බිඳ හෙලූ දෙවන ක්‍රීඩකයා ලෙස සම තැනට පත්වීමට ද ප්‍රභාත් ජයසූරියට හැකි වුණා.

ඔහු එම ලෝක වාර්තාව බිහි කළේ තරඟ 07ක් තුළ කඬුලු 50 ක් බිඳ හෙළමින්. ඉන් කඬුලු 17 ක්ම ඔහු බිඳ හෙලා ඇත්තේ ඉකුත් අයර්ලන්ත ටෙස්ට් තරඟ දෙකේදීයි.

ප්‍රභාත් ජයසූරිය මෙතෙක් සහභාගී වූ ටෙස්ට් තරඟ 7 න් ටෙස්ට් තරඟ 6 කදීම කඬුලු 5කට වැඩියෙන් දවාගෙන තිබීමද විශේෂත්වයක්.

අප්‍රේල් මාසයේ විශිෂ්ඨතම ක්‍රීඩකයින් තිදෙනාගේ නාම යෝජනා අතරට පාකිස්තානයේ ෆකර් සමාන් එක්දින ක්‍රිකට් කාණ්ඩයෙන්ද, නවසීලන්තයේ මාර්ක් චැක්මන් පන්දුවාර 20 කාණ්ඩයෙන් ද නිර්දේශවී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32