ප්‍රබලයෝ නැතිව පාකිස්තානයට එරෙහිව T20වලට සැරසෙන කැන්ගරුවෝ

සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියට එක්වන ඔස්ට්‍රෙලියා සංචිතය නම්කර තිබෙනවා.

මෙම සංචිතයේ සුවිශේෂීත්වය වන්නේ ඔස්ට්‍රෙලියාවේ ප්‍රබල ටෙස්ට් ක්‍රීඩකයින් කිහිපදෙනෙකු පාකිස්තානයට එරෙහි T20 තරගාවලියට කැඳවා නොමැති වීමයි.

විශේෂයෙන්ම ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ ටෙස්ට් නායක පැට් කමින්ස් ඉදිරි ටෙස්ට් තරගාවලි සඳහා සූදානම් වන බැවින් මෙවර T20 සංචිතයට එක් වන්නේ නැහැ.

ඔස්ට්‍රෙලියානු කණ්ඩායමට ලබන මස T20 සංචාරය සඳහා එක්වන ක්‍රීඩකයින් ලෙස 13 දෙනෙකුගෙන් යුත් ලැයිස්තුවක් නම්කර තිබෙන අයුරු දක්නට ලැබෙනවා.

ඒ අනුව සීන් ඇබොට්, සර්වියර් බාට්ලෙට්, කූපර් කොන්නොලි, ටිම් ඩාවිඩ්, නෙතන් එලිස්, ජේක් ෆ්‍රාසර්, ආරොන් හාඩයි, ජොෂ් ඉන්ග්ලිෂ්, ස්පෙන්සර් ජොන්සන්, ග්ලේන් මැක්ස්වෙල්, මැතිව් ශෝට්, මාර්කස් ස්ටොයිනිස් සහ ඇඩම් සම්පා යි.

දෙරට අතර පළමු T20 තරගය එළඹෙන නොවැම්බර් 14 බ්‍රිස්බේන්හි දීත්, දෙවැනි තරගය 16 වැනිදා සිඩ්නි හිදීත්, තෙවැනි තරගය 18 වැනිදා හෝබාර්ට් හිදීත් පැවැත්වෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21