ප්‍රබලයින් රැසක් නොමැතිව ඉන්දියාව 20-20 තරග බිමට – SKY නායකත්වයට

ඕස්ට්‍රේලියාව සමඟ තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සූර්යකුමාර් යාදෙව්ට හිමිව තිබෙනවා.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සිටි බොහෝ ක්‍රීඩකයින් මෙම තරගාවලියේ දී විවේක ගන්වා ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් සංචිතය නැවුම් පෙනුමක් ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

එක්දින ශූරයින් සමග පැවැත්වෙන තරගාවලියේ උපනායකයා ලෙස ආරම්භක පිතිකරු රුතුරාජ් ගයික්වාඩ් නම් කර තිබෙනවා.

මෙම තරගාවලිය වෙනුවෙන් ඉන්දීය සංචිය සඳහා 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන සංචිතයෙන් ක්‍රීඩකයින් තිදෙනෙකු පමණක් තෝරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රසිද් ක්‍රිෂ්ණා, ඉෂාන් කිෂාන් සහ සූර්යකුමාර් එලෙස තෝරාගෙන ඇති ක්‍රීඩකයින් වන අතර, කෙසේ වෙතත් ශ්‍රෙයාස් අයියර් රායිපූර් සහ බැංගලෝරයේ පැවැත්වෙන අවසන් විස්සයි විස්ස තරග දෙක සඳහා සංචිතයට එක්වනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මේ වසරේ දී විස්සයි විස්ස තරඟාවලි බොහොමයක දී ඉන්දීය කණ්ඩායමට නායකත්වය දුන් තුන්ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට ද මෙම තරගාවලිය අහිමිව යනවා.

2024 වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය ඉලක්කකර ගනිමින් නවකයින් රැසකට මෙම තරගාවලිය තුළ අවස්ථාව දීමට ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව මෙහිදී කටයුතු කර තිබෙනවා.

නොවැම්බර් 23 වනදා විශාකාපට්නම්හි දී තරග පහකින් සමන්විත මෙම තරගාවලිය ආරම්භ වනවා.

තරගාවලියට එක්වන ඉන්දීය සංචිතය

සූර්යකුමාර් යාදෙව් (නායක), රුතුරාජ් ගයික්වාඩ්, ඉෂාන් කිෂාන්, යෂස්වි ජයිස්වාල්, තිලක් වර්මා, රින්කු සිං, ජිතේෂ් ෂර්මා, වොෂින්ටන් සුන්දර්, අක්සාර් පටෙල්, ශිවම් ඩුබේ, රවී බිෂ්නෝයි, අර්ෂ්දීප් සිං, ප්‍රසිද් ක්‍රිෂ්ණා, අවේශ් ඛාන්, මුකේෂ් කුමාර. ශ්‍රෙයාස් අයියර්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
10
+1
12
+1
2
+1
1
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාමාංශික ප්‍රතිපත්ති විශ්වාස කරන සෙට් එකට ප්‍රසාද්ගෙන් පාඩමක්..ජවිපේ වාමාංශික නෑ..තියෙන්නේ බොරුව
04:26
Video thumbnail
ශම්මිට විරුද්ධව CIDයට පැමිණිල්ලක් - ජනපති ශම්මිට නැමිලා පූස් පැටියෙක් වගේ වෙලා
06:17
Video thumbnail
පිහිණුම් තටාකය වසා දැමීම නිසා පිහිණුම් ක්‍රීඩකයින් අසරණ වෙයි..ළමයින්ට මෙහෙම කරන්න එපා
07:50
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුවට සැරටම දෙසයි..ආණ්ඩුව විශ්වාසනම්..මිනිස්සු තෙල් පෝළිම්වල ඉන්නේ නෑ
05:26
Video thumbnail
අනිවාර්යයෙන් QR එක හඳුන්වලා දෙනවා ?තෙල්වලට මුදල් QR එකෙන්ම ගෙවීමේ අවස්ථාවක්
02:45
Video thumbnail
අපේ ඉන්ධන නැව් එන්නේ මැද පෙරදිගින් නෙවෙයි..කළබලයක් ඇති කරගන්න එපා
02:23
Video thumbnail
බොරුවටනේ අපේ මිනිස්සු කලබල වුණේ..මෙන්න ෂෙඩ්වලට දාන්න තෙල් පටවන ගමන්
03:28
Video thumbnail
CPC සභාපති කළ විශේෂ ප්‍රකාශය මෙන්න..කූඨ ව්‍යාපාර සිදුකරන අයට රතු එළියක්
04:40
Video thumbnail
"පෙට්‍රල් නෑ - ඩීසල් තියෙනවා ඕන තරම් ග#න්නම්"මහරගම ෂෙඩ්වල පෝළිම් නෑ - තෙලුත් නෑ
00:44
Video thumbnail
ඉන්ධන නොමැතිව බෙලිඅත්ත නගරයේ ඉන්ධන පිරවුම්හල වැසෙයි
00:38