පවතින අයහපත් කාලගුණයත් සමඟ ප්‍රධාන ජලාශ 12ක වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඊට අමතරව මධ්‍ය පරිමාණ ජලාශ 06ක වාන් දොරටු ද විවෘත කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
රාජාංගණය, ලුණුගම්වෙහෙර, වෙහෙරගල, සොරබොර වැව, දැදුරුඔය සහ අලිකොටආර යන ජලාශවල මෙලෙස වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.













