ප්‍රථම වරට ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් 1.6 දක්වා ඉහළට

ප්‍රථම වරට ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් 1.6 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ගෝලීය උණුසුමට අදාළ මෙය ලෝක ඉතිහාසයේ ගෝලීය උෂ්ණත්ව සීමාව ඉක්මවා ගිය ප්‍රථම අවස්ථාව මෙය වේ.

ලෝක නායකයන් විසින් ප්‍රංශයේ පැරිස් නගරයේ 2015 වසරේ පැවති ගෝලීය දේශගුණික විපර්යාස සමුළුවට සහභාගි වෙමින් පරිසරයට මුදා හැරෙන මිනිසාට අහිතකර කාබන් වායුව කපා හරිමින් ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 ක ඉක්මවීමට ඉඩ නොදෙන බවට ප්‍රතිඥාවක් දී තිබුණා.

ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5ක් ඉක්මවා යාම මිනිසාට මෙන්ම ගහකොළ හා සතුන්ට හානිකර ප්‍රතිඵල අත් විය හැකි නිසා ලෝක නායකයන් විසින් මෙලෙස ප්‍රතිඥාව ලබා දීමට හේතු විය. විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 ඉක්මවමින් සෙල්සියස් අංශක 2ක් දක්වා ඉහළ ගියහොත් දරුණු තාප තරංග මුහුදු ජල මට්ටම ඉහළ යෑම හා වන සතුන් විශාල වශයෙන් මිය යෑම වැනි දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ පෑමට සිදු විය හැකි බවයි.

මෙලෙස ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට හේතුව වි ඇත්තේ පරිසරයට හානිකර වායුන් මුදා හැරීම බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.