spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රතික්ෂේප කළ නාමයෝජනාවක් යළි භාර ගන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් මුලතිව්, මුහුදුබඩ පත්තුව ප්‍රාදේශීය සභාව සඳහා ඉලංගෙයි තමිල් අරසු පක්ෂය භාර දුන් නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එම පක්ෂය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් ලබන 07 වනදා කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ තේරීම් භාර නිලධාරයාට සහ මැතිවරණ කොමිසමට නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළේය.

එම පෙත්සම මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසිනුයි මෙම නියෝගය නිකුත් කළේ.

බලයලත් නියෝජිතයා විසින් එම නාමයෝජනා පත්‍රය භාර නුදුන් බව පවසමින් එය ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරියා කටයුතු කළ බව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.

එවැනි කරුණක් මත නාම යෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එම තීරණය නීතියට පටහැනි බවත් සඳහන් කළා.

මේ තුළින් පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ප්‍රතික්ෂේප කළ එම නාමයෝජනා පත්‍රය යලි භාරගන්නා ලෙස වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?