ප්‍රතික්ෂේප කළ නාමයෝජනාවක් යළි භාර ගන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් මුලතිව්, මුහුදුබඩ පත්තුව ප්‍රාදේශීය සභාව සඳහා ඉලංගෙයි තමිල් අරසු පක්ෂය භාර දුන් නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එම පක්ෂය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් ලබන 07 වනදා කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ තේරීම් භාර නිලධාරයාට සහ මැතිවරණ කොමිසමට නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළේය.

එම පෙත්සම මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසිනුයි මෙම නියෝගය නිකුත් කළේ.

බලයලත් නියෝජිතයා විසින් එම නාමයෝජනා පත්‍රය භාර නුදුන් බව පවසමින් එය ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරියා කටයුතු කළ බව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.

එවැනි කරුණක් මත නාම යෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එම තීරණය නීතියට පටහැනි බවත් සඳහන් කළා.

මේ තුළින් පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ප්‍රතික්ෂේප කළ එම නාමයෝජනා පත්‍රය යලි භාරගන්නා ලෙස වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14