ප්‍රජා ශක්ති වැඩසටහනට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුම්

දිළිඳුබව තුරන් කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කර ඇති ප්‍රජා ශක්ති වැඩසටහන සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධනයේ ප්‍රසාදය පල කර තිබෙනවා.

ඒ ඊයේ (20) දිනයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ෆෙන්ච් සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල අතර අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති හමුවකදීයි.

එම අවස්තාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආයතනයේ සාමය හා සංවර්ධන උපදේශක පැට්‍රික් මැක් කාර්ති සහ සාමය සහ සංවර්ධන විශ්ලේෂක නෙත්මි මැදවල ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටියා.

රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ඳයෙන් වන ජාතික මහලේකම් කාර්යාලය ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයට ඒකාබද්ධ කිරීම පිලිබඳව නියෝජිත පිරිසේ ප්‍රශංසාව පළ කළ අතර ඉදිරියේදී රජයේ සංවර්ධන ක්‍රියාවලියට රාජ්‍ය නොවන සංවිධානවල පූර්ණ ක්‍රියාකාරිත්වය ඵලදායිව දායකකර ගැනීමට අවශ්‍යා පූර්ණ සහයෝගය ලබාදෙන බවද පවසා සිටියා.

එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයන් සම්බඳයෙන් සිදු කරන තත්ව විශ්ලේෂණ අධ්‍යනයේ තොරතුරු සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳව සුදුසු පියවරයන් සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර ශ්‍රී ලාංකේය ආබාධ සහිත ප්‍රජාව සඳහා නව රැකියා උත්පාදන ප්‍රවේශයන් සහ අවස්ථා උත්පාදන පිළිබඳවද ඉදිරියේදී සහයෝගයෙන් කටයුතු කළ යුතු බවට ද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57