ප්‍රජාශක්ති ගම හදන සැලසුම් සඳහා නව ඩිජිටල් පද්ධතියක්

සමාජ සවිබල ගැන්වීම තුළින් දිළිඳුකම පිටු දැකිම සහ ආර්ථික සාධාරණත්වය තහවුරු කිරීම වෙනුවෙන් නව රජය හඳුන්වා දී ඇති ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය මේ වන විට දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් සාර්ථකව ක්‍රියාත්මක වන අතර එම සැලසුම් ඉදිරියට ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් නව ඩිජිටල් පද්ධතියක් හඳුන්වා දීමට රජය සැලසුම් කර තිබෙනවා.

ප්‍රජාශක්ති ජාතික වැඩසටහන පිළිබඳව දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සේවය කරනු ලබන නියෝජ්‍ය ක්‍රමසම්පාදන අධ්‍යක්ෂවරුන් සහ සහකාර ක්‍රමසම්පාදන අධ්‍යක්ෂවරුන් දැනුවත් කිරීම වෙනුවෙන් අද (24) අරලියගහ මන්දිරයේ දී පැවති වැඩසටහනේදී මේ බව සඳහන් කෙරුණා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සඳහන් කළේ ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය යනු නව රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන දිළිඳුකම පිටුදැකීමේ ප්‍රමුඛතම සංවර්ධන වැඩසටහන බවයි.

2026 වර්ෂය සඳහා රුපියල් බිලියන 180 ක් පමණ අයවැය ඇස්තමේන්තු හා අයවැය යෝජනා මගින් ග්‍රාමීය සංවර්ධනයට වෙන් කර ඇති අතර, එම ප්‍රතිපාදන උපයෝජනය කිරීමේ දී ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ස්ථාපිත කර ඇති ප්‍රජා සංවර්ධන සභා සඳහා සුවිශේෂි කාර්යභාරයක් පැවරී ඇති බවද ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේය. එම සියලු කාර්යයන් උපරිම කාර්යක්ෂමතාවයකින් හා ඵලදායිතාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීමේදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අනුයුක්ත කර සිටින නියෝජ්‍ය හා සහකාර අධ්‍යක්ෂවරුන්ට විශාල වගකීමක් පැවරෙන බවද ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

මේවන විට ප්‍රජා සංවර්ධන සභා විසින් 2026 වර්ෂය සඳහා සංවර්ධන යෝජනා හඳුනා ගැනීම, සංවර්ධන යෝජනා ප්‍රමුඛතාගත කිරීම හා එම සංවර්ධන යෝජනා ඇතුළත් ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන සැලසුම් සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර මෙහිදී පවසා සිටියා.

ඒ යටතේ පිහිටුවා ඇති ප්‍රජා සංවර්ධන සභා විසින් කටයුතු සිදු කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත් සහ සමස්ථ ප්‍රජාවගේම යෝජනා හා අදහස් නියෝජනය වන ආකාරයෙන් ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන සැලැස්ම සකස් කිරීමේ අත්‍යවශ්‍යතාවයත්, ව්‍යාපෘති නිවැරදිව හඳුනා ගැනීමේ සහ විද්‍යාත්මක පදනමක් සහිතව ව්‍යාපෘති ප්‍රමුඛතාගත කරන ආකාරය පිළිබඳවත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා වැඩසටහන සඳහා පැමිණි නියෝජ්‍ය සහ සහකාර ක්‍රමසම්පාදන අධ්‍යක්ෂකවරුන් වැඩිදුරටත් දැනුවත් කළා.

එම ක්‍රියාවලිය සිදු කිරිම සඳහා අත්‍යාවශ්‍ය වන තාක්ෂණික කරුණු පිළිබඳවද ඔහු මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

හිටපු මහාධිකරණ විනිසුරු හා අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක අදහස් දක්වමින් රාජ්‍ය සේවය තුළින් අල්ලස හා දූෂණය තුරන් කර සුපිළිපන්නභාවය තහවුරු කිරීම සමාජයක ඉදිරි ගමන සඳහා කෙතරම් තීරණාත්මකද යන්න පිළිබඳවත්, රාජ්‍ය නිලධාරීන්ට ඒ සඳහා ඇති වගකීම හා වගවීම පිළිබඳවත් කරුණු අවධාරණය කරනු ලැබුවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ සෝමසිරි ඒකනායක ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමේදී නියෝජ්‍ය සහ සහකාර ක්‍රමසම්පාදන අධ්‍යක්ෂකවරුන් වෙත පැවරෙන වගකීම් සහ කාර්යභාරය පිළිබඳව පැහැදිළි කිරීමක් සිදු කළා.

ව්‍යාපෘති කළමනාකරණය සහ ප්‍රජාශක්ති වැඩසටහනේ ඩිජිටල් පද්ධතිය පිළිබඳ හඳුන්වා දීමක් ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සරදාංජලි මනෝහරන් මහත්මිය විසින් මෙහිදී සිදු කරනු ලැබුවා.

ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරයට අදාළව කටයුතු කිරීමේ දී නිලධාරින්ට මතුව තිබූ ගැටලු සහ ඉදිරි කටයුතු කිරීමේදී තවදුරටත් නිරවුල් කරගත යුතු කරුණු පිළිබඳව අදාළ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡා මණ්ඩපයක්ද මෙහිදී පවත්වන ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වවුනියා දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිල නිවාස සංකීර්ණයට සෞඛ්‍ය ඇමති මුල් ගල් තබයි
01:53
Video thumbnail
ඉන්ධන බෙදුම්කරුවන් බලශක්ති අමාත්‍යාංශය වටලයි
04:43
Video thumbnail
රටින් පැනලා ඉන්න සෙට් එකට කොට්ටහච්චිගෙන් සැර කතාවක් - කොහේ හිටියත් නීතිය ක්‍රියාත්මකයි
02:54
Video thumbnail
අපි ගාව මැජික් එකක් නෑ - කාටවත් නීතියට වෙට්ටු දාන්න ඉඩ තියන්නේ නෑ
04:41
Video thumbnail
ලාල් කාන්ත, ප්‍රසන්න සහ ටිල්වින්ට නීතිය ක්‍රියාත්මක කරනවා
02:28
Video thumbnail
රටේ කළු ආණ්ඩුව ගැන වටගල හෙළිකරයි - රටේ පළමු පුරවැසියෝ මත්ද්‍රව්‍ය ජාලයේ ඉන්න අය රැක්කා
06:15
Video thumbnail
සජබය තමයි රටේ විකල්ප ආණ්ඩුව - නිදාගෙන සිටිය කණ්ඩායම් අවදි කළෙත් අපි
11:27
Video thumbnail
JRගේ ගුණ සැමරුමට රනිලුත් සජිතුත් එකටම එයි
02:19
Video thumbnail
රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වටු කුරුල්ලෝ ටික එකතු විය යුතුයි
04:24
Video thumbnail
මීගමු බන්ධනාගරයේ ගැ#ටුමේදී පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි ඇතුළට
01:26