ප්‍රකාශයක් දෙන්න ගම්මන්පිල කුලියාපිටිය පොලිසියට

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (09) පෙරවරුවේ පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල කුලියාපිටිය පොලිස් ස්ථානය වෙත පැමිණියා.

මුදල් අමාත්‍යාංශයේ හිටපු සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත රාජපක්ෂගේ මරණය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් උදය ගම්මන්පිල පසුගියදා මතභේදාත්මක කරුණු කිහිපයක් අනාවරණය කරනු ලැබුවා.

ඒ, සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ඔහු මෙලෙස අද (09) දිනයේ කුලියාපිටිය පොලිස් ස්ථානය වෙත පැමිණ තිබුණා.

පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක දී උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ, රංග නිශාන්ත රාජපක්ෂගේ මරණය සැකසහිත බවට ඔහුගේ බිරිඳ විසින් කුලියාපිටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.

කෙසේ වෙතත් මියගිය නිලධාරියාගේ බිරිඳ එවැනි පැමිණිල්ලක් සිදුකර නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, පසුව ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12