spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රංශ ජාතිකයාගේ ගමන් බලපත්‍රයෙන් රට යන්න ගිය තරුණයා අත්අඩංගුවට

ප්‍රංශ ජාතිකයෙකුට අයත් අස්ථාන ගත වූ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් ප්‍රංශය වෙත පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා මුලතිව් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙක්.

ඔහු අද දහවල් 12.55ට ලන්ඩන් නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 503 දරන යානයට පිවිසීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ගුවන් සේවා නිශ්කාශන කටයුතු සිදු කර ගැනීමේ දී ඉදිරිපත් කළ ප්‍රංශ ජාතික ගමන් බලපත්‍රය පිළිබඳ සැක සිතූ ගුවන් සේවා නිලධාරීන් මොහු ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එහිදී අනාවරණ වී ඇත්තේ මෙම ගමන් බලපත්‍රය ජාත්‍යන්තර පොලිසියේ අස්ථාන ගත වූ සහ සොරකම් කරන ලද ගමන් බලපත්‍ර ලැයිස්තුවේ සඳහන් එකක් බවටයි.

සැකකාර තරුණයාගෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු විමසීමේදී ප්‍රකාශ කර ඇත්තේ තමා ඊයේ (22) මුලතිව් සිට ආමර් වීදියේ ලැගුම්හළකට පැමිණි අතර එහිදී තමා සතු ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය එහි සිටි තැරැව්කරුවන් දෙදෙනෙකු විසින් ලබා ගෙන මෙම ප්‍රංශ ජාතික ගමන් බලපත්‍රය තමන්ට ලබා දුන් බවයි.

ඒ අනුව ඔහු අත් අඩංගුවට ගත් ආගමන විගමන නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?