ප්‍රංශයේ අගමැති පුටුවට තරුණයෙක්

ප්‍රංශයේ නව අගමැතිවරයා ලෙස 34 හැවිරිදි Gabriel Attal නම් කර තිබෙනවා. ඔහු ප්‍රංශ ඉතිහාසයේ ලාබාලතම අගමැතිවරයායි.

තීරණාත්මක යුරෝපා සංගම් මැතිවරණය සඳහා ප්‍රංශ ආණ්ඩුව මෙහෙයවීම ප්‍රමුඛතම වගකීම Gabriel Attalට පැවරී තිබෙනවා.

එම්මානුවෙල් මැක්‍රොන් නව රජයක් සමඟින් සිය ජනාධිපති ධූරය යළි පණ ගැන්වීමේ අරමුණින් ප්‍රංශයේ මීළඟ අගමැති ලෙස Gabriel Attal නම් කර ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

1984 වසරේදී ප්‍රංශුවා මිත්‍රාන්ඩ් විසින් පත් කළ 37 හැවිරිදි සමාජවාදී ලෝරන්ට් ෆේබියස් අභිබවා යමින් 34 හැවිරිදි Gabriel Attal නූතන ප්‍රංශ ඉතිහාසයේ ලාබාලතම අගමැති වනු ඇති.

මාස 20ක නිල කාලයෙන් පසු ඉල්ලා අස් වූ එලිසබෙත් බෝර්න් වෙනුවට Gabriel Attal මහතා පත් කර තිබෙනවා.

එලිසබෙත් බෝර්න් සිය ධුර කාලය පුරාවටම පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිකම සමඟ අරගල කළා.

ජූනි මාසයේ පැවැත්වෙන වැදගත් යුරෝපීය පාර්ලිමේන්තු මැතිවරණයකට ප්‍රංශ රජය මෙහෙයවීමේ කාර්යය Gabriel Attalට දැන් පැවරෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56