පළාත් සභා මැතිවරණය සමානුපාතික ක්‍රමය පැවැත්වීමට යෝජනාවක්

පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පළමු වරට පසුගිය 17 වනදා රැස් වුණා.

ඒ, එහි සභාපති අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී අදහස් දක්වමින් සභාපතිවරයා, පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කරමින් දැනට බලාත්මකව පවතින 2017 අංක 17 දරණ පනතේ විධිවිධාන ප්‍රකාරව හඳුන්වා දෙන ලද මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කොට්ඨාස සීමා නිර්ණය ක්‍රියාවලිය මෙතෙක් අවසන් කර නොතිබීම හේතුවෙන් පැන නැගී ඇති නීතිමය බාධාව නිසා පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ ගැටලුව මතුව ඇති බව පෙන්වා දුන්නා.

විපක්ෂය නියෝජනය කරමින් සාමාජික මන්ත්‍රීවරයන් අදහස් දක්වමින්, අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළුව වැදගත් ආයතනවලින් බහුතරයක් පාලනය වන්නේ පළාත් සභා ඔස්සේ බව පෙන්වා දුන්නා.

ඒ, අනුව දැනට වසර 09ක් පළාත් සභා නොපැවැත්වීම හරහා ගැටලු රැසක් පැන නැගී ඇති බව ඔවුහු පැවසුවා.

ඒ, අනුව මෙම පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමය වන සමානුපාතික ක්‍රමය ඔස්සේ පවත්වා, පසුව මෙම ඡන්ද විමසීමේ ක්‍රමය සංශෝධනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට විපක්ෂය නියෝජනය කරමින් පැමිණි සාමාජික මන්ත්‍රීවරයන් යෝජනා කළා.

කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම හා තරුණ නියෝජනය මෙම පළාත් සභා ඡන්ද විමසීමේදී ලබාදීම ආදී ඡන්ද ක්‍රමයක් සකස් කිරීම වෙනුවෙන් වඩාත් පුළුල් හා ගැඹුරු සංවාදයක් ඇති වීමේ වැදගත්කම සභාපතිවරයා අවධාරණය කර සිටියා.

ඒ, අනුව පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම සඳහා දැනට පවතින නීතිමය තත්ත්වය පිළිබඳව මූලික අවබෝධයක් ලබා ගැනීමේ වැදගත්කම සිහිපත් කළ සභාපතිවරයා, ඒ සඳහා මීළඟ රැස්වීමේ දී නීතිපති දෙපාර්තමේන්තුවේ හා මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් කැඳවා ඔවුන්ගේ අදහස් ලබා ගැනීමට යෝජනා කළා.

මෙම විශේෂ කාරක සභාව පළමු රැස්වීමේ දින සිට මාස 03ක් තුළ වාර්තාව ඉදිරිපත් කළ යුතු බව ද සභාපතිවරයා මෙහිදී සිහිපත් කර සිටියා.

මෙම රැස්වීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අරුන් හේමචන්ද්‍ර, නීතිඥ සුනිල් වටගල, මුනීර් මුලාෆර් සහ සාමාජික මන්ත්‍රීවරයන් වන ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර්, චන්දන සූරියආරච්චි, ධර්මප්‍රිය විජේසිංහ, ලක්ෂ්මන් නිපුණ ආරච්චි, යන අය ද සහභාගීව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ නායකත්වය ගන්න අපි සූදානම් - ඇත්ත කිව්ව හින්දයි අපි පැරදුනේ
24:43
Video thumbnail
අනුර ෆේල් - අනාගත ජනාධිපති සජිත්
01:15
Video thumbnail
බස් ගාස්තු වැඩිකිරීම මදිනේ අප්පා - තව වැඩිවෙන්න ඕනේ
05:56
Video thumbnail
ආයේ තෙල් මිල වැඩි කළොත් ආයේ බස් ගාස්තු වැඩිකරන්න වෙනවා
06:05
Video thumbnail
බයික් එකකින් ආපු ඩබලක් බස් රථය කුඩු කරලා ගිහින්
01:40
Video thumbnail
සංචාරකයින් දිරිගන්වන්න නව වැඩසටහනක්
01:42
Video thumbnail
මහින්ද මහත්තයාට හොරා හොරා කියපු එවුන් අද බැහැපල්ලා එළියට
02:48
Video thumbnail
ජාතික හෙද විශ්වවිද්‍යාලය පිහිටුවීම වෙනුවෙන් වූ කමිටුව අගමැතිනි හමුවෙයි
01:49
Video thumbnail
රට අනුරට නෙමෙයි, රට බල්ලට ගිහින් - මහින්දට හොරා හොරා කියපු එවුන් බැහැපල්ලා එළියට
06:20
Video thumbnail
ජනතාව පෝලිමේ දාලා පක්ෂයට වාහන ගන්න සල්ලි එකතුකරනවා
09:25