පළාත් සභා ඡන්ද විමසීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට අවශ්‍ය ප්‍රතිපාදන නෑ – නිලධාරීන් විශේෂ කාරක සභාවට දැනුම්දෙයි

පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහ මැතිවරණ මහලේකම් කාර්යාලයෙන් කරුණු විමසනු ලැබුවා.

ඒ, එම විශේෂ කාරක සභාව එහි සභාපති අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් දෙවන වරට පසුගියදා (07) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීයි.

මෙහිදී අදහස් දක්වමින් මැතිවරණ මහලේකම් කාර්යාලයේ නිලධාරීන් පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කරමින් දැනට සම්මත කොට ඇති 2017 අංක 17 දරණ පනතේ විධිවිධාන ප්‍රකාරව හඳුන්වා දෙන ලද මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කොට්ඨාස සීමා නිර්ණය ක්‍රියාවලිය මෙතෙක් අවසන් කර නොතිබීම හේතුවෙන් පැන නැගී ඇති නීතිමය බාධාව නිසා පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ ගැටලුව මතුව ඇති බව පෙන්වා දුන්නා.

කොට්ඨාස සීමා නිර්ණ වාර්තාව සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි නොවීම හේතුවෙන් එකී පනතේ විධිවිධාන ප්‍රකාරව මීලග පියවර ලෙස කතානායකවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ප්‍රධානත්වයෙන් 05 දෙනෙකුගෙන් සමන්විත සමාලෝචන කමිටුවක් පත්කර ඇති අතර, එම කමිටුවේ වාර්තාව මාස දෙකක් තුළ ජනාධිපතිවරයාට භාර දියයුතු වුවත් එම වාර්තාව භාරදී නොමැති බව මැතිවරණ මහලේකම් කාර්යාලයේ නිලධාරීන් විශේෂ කාරක සභාවට දැනුම් දුන්නා.

ඒ, අනුව පනත ප්‍රකාරව පළාත් සභා ඡන්ද විමසීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට අවශ්‍ය ප්‍රතිපාදන නොමැති බවද ඔවුහු වැඩි දුරටත් කරුණු දක්වමින් පැසුවා.

ඒ, අනුව මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම මූලික පනත නැවත බලගැන්වීම ඔස්සේ සිදුකිරීමේ හැකියාව පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියා.

ඒ, අනුව 2017 අංක 17 දරණ පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත අවලංගු කර නැවත මූලික පනත බලාත්මක කිරීමට හැකි බව නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවා.

එම පනත සඳහා කාන්තා සහ තරුණ නියෝජනය ලබාදීම සඳහා සංශෝධන එක්කිරීමේ අවශ්‍යතාවය ද කාරක සභා සාමාජිකයින් පෙන්වා දුන්නා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් විසින් ඉදිරිපත් කර ඇති පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත මගින් ඉදිරිපත්කර ඇති පෙර පැවති සමානුපාතික ක්‍රමයට පළාත් සභා ඡන්ද විමසීම පිළිබඳව කාරක සභාවේදී සාකච්ඡා කරනු ලැබුවා.

මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා 2017 පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති නඩු තීන්දු දෙකක වාර්තා, පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට පවතින බාධා සහ ඒවා නිරාකරණය කිරීමට පවතින නීතිමය ප්‍රතිපාදන මොනවාද යන්න වාර්තාවක් සකස් කර කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන්නා.

එමෙන්ම මීළග රැස්වීම සඳහා සීමා නිර්ණ කොමිසමේ නිලධාරීන් කාරක සභාවට කැඳවීමටද තීරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18