පළාත් පාලන ඡන්දය කල් දමන්නැයි ඉල්ලූ පෙත්සම සලකා බැලීම කල් යයි

රට තුල උග්‍ර ආර්ථික අර්බුදයක් මතු වී තිබෙන බැවින් මෙම අවස්ථාවේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විශ්‍රාමික යුධ හමුදා කර්නල්වරයෙකු ගොනුර ඇති පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස මැතිවරණ කොමිසම අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කළා.

එම පෙත්සම අද සලකා බැලීම සඳහා එස් තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යි කැඳවනු ලැබුවේ.

එහිදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මූලික විරෝධතාවක් මතු කරමින් මෙම පෙත්සම පවත්වා ගෙනයාමට නීතිමය පදනමක් නොමැති බවට තර්ක කළා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පළාත් පාලන ඡන්ද විමසීම සඳහා තරඟ වදින දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් නම් කර නොතිබීම බරපතල ඌනතාවක් බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම මැතිවරණය පවත්වනු ලබන තේරීම්භාර නිලධාරීන් මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර නොතිබීම තවත් බරපතළ ඌනතාවයක් යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥ පිරිස් මහතා මැතිවරණ පවත්වා ජනතාවගේ ඡන්ද අයිතිය තහවුරු කිරීමට සිය සේවාදායකයින් බැඳී සිටින බවත් කියා සිටියා.

එක් පුද්ගලයෙකු අධිකරණය හමුවට පැමිණ මැතිවරණය පැවැත්වීම තහනම් කරන ලෙස ඉල්ලා සිටි පමණින් එම සහනය ප්‍රදානය කිරීමට අධිකරණය බැඳී නොමැති බවයි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

එම මූලික විරෝධතා සම්බන්ධයෙන් පෙත්සම්කාර යුධ හමුදා කර්නල්වරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කළා.

එහිදී ලේඛන වල ඇති වූ අපැහැදිලි කම් හේතුවෙන් වැඩිදුර කරුණු දැක්වීම් ලබන 23 වනදා දක්වා කල් තැබීමට අධිකරණය තීරණය කළා.

මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ විශ්‍රාමික යුධ හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර මහතා විසින්.

පෙත්සම්කරු කියා සිටින්නේ වර්තමානයේ රට තුළ විශාල ආර්ථික අර්බුදයක් මතු වී තිබෙන හෙයින් මෙම අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීම තුළින් ජනතාවට කිසිදු යහපතක් නොවන බවයි.

එබැවින් අදාළ පළාත් පාලන ඡන්ද විමසීම් පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදෙස් කාන්තාවක් එළොව යැවූ පැරා මෝටර් යන්ත්‍ර අනතුර
01:23
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු
01:43
Video thumbnail
රුවන්වැලි මහා සෑයේ, දරුවන් වෙනුවෙන් කළ මහා පිංකම
00:52
Video thumbnail
මහ රෑ ගම්පොළ සලිත කළ ඛේදවාචකය
00:48
Video thumbnail
මාතර ගින්නෙන් බේරාගත් බඩු මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:23
Video thumbnail
මාතර වෙළෙඳසැලේ ගින්නෙන් බේරාගත් බඩු කට්ටිය මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:45
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු - විශාල සෙනඟක් පැමිණ ඇති අයුරු
04:37
Video thumbnail
නාමල් රාජපක්ෂ අවුරුදු 20කට හිරේ ?නාමල්ගේ මාස්ටර් ප්ලෑන් එක නාමල් හෙළිකරයි
00:52
Video thumbnail
තරුණයෙක්ට ගෙදරටම ඇවිත් බිම දාගෙන ප#ර දීලා - "මගේ දරුවොත් පැහැරගෙන ගියා"
02:00
Video thumbnail
ගෝඨාභයට කෝල් ගත්ත පුද්ගලයගේ කෙරුවාව එළියට - ගෝඨාභයගේ මයිල් ගහකටවත් නොවටින කෙනෙක්
02:13