පළමු ශ්‍රේණියේ පාසැල් ඇරඹීම ගැන විශේෂ නිවේදනයක්

2022 වසරේ අප්‍රේල් මාසයේ සිට නිල වශයෙන් පළමු ශ්‍රේණියේ ඉගෙනුම් කටයුතු ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කර සිටිනවා.

එමෙන්ම පාසල් ආරම්භය සහ විභාග පැවැත්වීම සම්බන්ධයෙන් ද අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහනුවරදී ඊයේ (19) කරුණු පැහැදිලි කළේ.

“ලබන 23 වනදා පාසල් වාරය අවසන් වෙනවා. 03 වනදාට විවෘත වෙනවා. පාසල් අවුරුද්ද අවසන් වෙන්නේ අප්‍රේල් මාසයේ මොකද අපිට මඟ හැරුණ දෙවල් පාසල්වල ආවරණය කිරීමට පුළුවන්කම ඇති වෙනවා. 5 ශිෂ්‍යත්වය ජනවාරි මාසයේ තුන්වෙනි සතියේ හමාර වෙනවා. උසස් පෙළ විභාගය පෙබරවාරි මාසයේ පටන්ගෙන හමාරවෙනවා. නියමිත අපොස සාමාන්‍ය පෙළ මැයි මාසයේ ආරම්භ කරලා හමාර කර ගැනීමට ජුනි මාසයේ මැද වන විට පුළුවන්කම දැන් විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරලා සැලසුම්කරලා වැඩ කරගෙන යනවා.”

පළමු ශ්‍රේණියට සිසුන් බඳවාගැනීම නිස පරිදි ආරම්භ වෙන්නේදැයි මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට ඇමතිවරයා මෙසේ පිළිතුරු දුන්නා,

“අප්‍රේල් මාසයේ සිට තමයි නිල වශයෙන් පළමු ශ්‍රේණිය පටන් ගන්නේ. දැනට සම්ප්‍රදායික ලෙස ඒ චක්‍ර ලේඛන අනුව ඉල්ලුම්කරුවන් ඉදිරිපත් කරනවා. දෙමාපියන්ට මේ අවස්ථාව ගමන් කරනවා.මඟ හැරුණු පැය ගණනාවක් පංති කාමරය තුළ ඉවර කරන්න තිබෙන නිසා තමයි ඉදිරි මාස තුන ඒ සඳහා වෙන්කරලා තියෙන්නේ. රජයේ පාසල් සියල්ලම ඒ සැලැස්මට වැඩකරනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19