පළමු ශ්‍රේණියේ පාසැල් ඇරඹීම ගැන විශේෂ නිවේදනයක්

2022 වසරේ අප්‍රේල් මාසයේ සිට නිල වශයෙන් පළමු ශ්‍රේණියේ ඉගෙනුම් කටයුතු ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කර සිටිනවා.

එමෙන්ම පාසල් ආරම්භය සහ විභාග පැවැත්වීම සම්බන්ධයෙන් ද අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහනුවරදී ඊයේ (19) කරුණු පැහැදිලි කළේ.

“ලබන 23 වනදා පාසල් වාරය අවසන් වෙනවා. 03 වනදාට විවෘත වෙනවා. පාසල් අවුරුද්ද අවසන් වෙන්නේ අප්‍රේල් මාසයේ මොකද අපිට මඟ හැරුණ දෙවල් පාසල්වල ආවරණය කිරීමට පුළුවන්කම ඇති වෙනවා. 5 ශිෂ්‍යත්වය ජනවාරි මාසයේ තුන්වෙනි සතියේ හමාර වෙනවා. උසස් පෙළ විභාගය පෙබරවාරි මාසයේ පටන්ගෙන හමාරවෙනවා. නියමිත අපොස සාමාන්‍ය පෙළ මැයි මාසයේ ආරම්භ කරලා හමාර කර ගැනීමට ජුනි මාසයේ මැද වන විට පුළුවන්කම දැන් විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරලා සැලසුම්කරලා වැඩ කරගෙන යනවා.”

පළමු ශ්‍රේණියට සිසුන් බඳවාගැනීම නිස පරිදි ආරම්භ වෙන්නේදැයි මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට ඇමතිවරයා මෙසේ පිළිතුරු දුන්නා,

“අප්‍රේල් මාසයේ සිට තමයි නිල වශයෙන් පළමු ශ්‍රේණිය පටන් ගන්නේ. දැනට සම්ප්‍රදායික ලෙස ඒ චක්‍ර ලේඛන අනුව ඉල්ලුම්කරුවන් ඉදිරිපත් කරනවා. දෙමාපියන්ට මේ අවස්ථාව ගමන් කරනවා.මඟ හැරුණු පැය ගණනාවක් පංති කාමරය තුළ ඉවර කරන්න තිබෙන නිසා තමයි ඉදිරි මාස තුන ඒ සඳහා වෙන්කරලා තියෙන්නේ. රජයේ පාසල් සියල්ලම ඒ සැලැස්මට වැඩකරනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51