පළමු එක්දින තරගයේ ශ්‍රී ලංකා ඉනිම දුර්වල ලකුණු පුවරුවක

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග 03කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයේ කාසිය වාසිය දිනාගත් නවසීලන්තය පළමු ව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා.

අද (05) තරගය වෙලින්ග්ටන් නුවර දී ආරම්භ වුණු අතර ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසන් වීමටත් පෙර සියල්ලන් ම ලකුණු 178කට දැවී ගියා.

අද තරගයේ දී ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව ගොඩනැගීමේ වගකීම යම් තාක් දුරකට හෝ සිදු කළේ අවිශ්ක ප්‍රනාන්දු, ජනිත් ලියනගේ සහ වනිඳු හසරංග පමණයි.

අවිශ්ක ප්‍රනාන්දු සිය එක්දින 09 වැනි අර්ධ ශතකය ලබා ගනිමින් ලකුණු 56ක් රැස් කළා.

ජනිත් ලියනගේ ලකුණු 36ක් සහ වනිඳු ලකුණු 35ක් ලබාගත්තා.

වගකීම්සහගත පිතිකරුවන් වන පැතුම් නිස්සංක, කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස්ට අද එතරම් සුබ නොවූ අතර නායක අසලංක කිසිදු ලකුණක් නොලබා ම දැවී ගියා.

කඩුලු බිඳ දැමීමේ දී ලකුණු 19කට මැට් හෙන්රි කඩුලු 04ක් බිඳ දැමුවා.

ජැකොබ් ඩෆී සහ නෙතන් ස්මිත් කඩුලු 02ක් ද නායක සැන්ට්නර් එක් කඩුල්ලක් ද බිඳ දැමුවා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එෂාන් මාලිංග අද ජාත්‍යන්තර මංගල එක්දින වරම් හිමිකර ගැනීම ද විශේෂත්වයක්.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කිරීමට කිවියන්ට පන්දුවාර 50ක දී ලබාගත යුතු ලකුණු සංඛ්‍යාව ලකුණු 179ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39