පළමු ආසියානු බෞද්ධ සමුළුව නවදිල්ලියේ දී ඇරඹෙයි

අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනය සහ ඉන්දියානු සංස්කෘතික අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරන්නට යෙදුණු ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව -2024 (Asian Buddhist Summit) ඊයේ (05) සහ අද (06) යන දෙදින දී පැවැත්වෙනවා.

මෙම බෞද්ධ සංස්කෘතික මංගල්‍යය පැවැත්වෙන්නේ ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක හෝටල් පරිශ්‍රයේ දී යි.

පසුගිය වසරේ අතිසාර්ථකව සංවිධානය කළ ගෝලීය බෞද්ධ සමුළුවට (Global Buddhist Summit – 2023) පසු අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනය සහ ඉන්දියානු සංස්කෘතික අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරන දෙවන බෞද්ධ සමුළුව ද වනවා.

මෙම ආසියානු බෞද්ධ සමුළුවෙහි තේමාව වන්නේ “ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාරයයි” යන්නයි.

මෙම සමුළුව සඳහා ඉන්දියාව, ශ්‍රී ලංකාව, මියන්මාර, ඇමෙරිකා එක්සත් ජනපදය, නේපාලය, වියට්නාමය, තායිලන්තය, ජර්මනිය, භූතානය, බංග්ලාදේශය, උස්බෙකිස්ථානය, කසකස්ථානය, ටිබෙටය, ජපානය, රුසියාව ආදී ආසියාතික මෙන්ම බටහිර රටවල්වලිනුත් මහා සංඝරත්නය වැඩම කර සිටියා.

සමුළුවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ ඉන්දියාවෙහි ජනාධිපතිතුමිය ලෙස කටයුතු කරන ශ්‍රීමත් දෲපදී මුර්මු මහත්මියයි.

ඉන්දියානු රජයෙහි ප්‍රභූවරුන් නියෝජනය කරමින් සංස්කෘතික හා සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය ශ්‍රී ගජේන්ද්‍ර සිං සිකාවත් මහතා හා පාර්ලිමේන්තු කටයුතු සහ අන්‍යාගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු කිරෙන් රිජිජු මහතා ද, ඉන්දීය විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් ද මේ සඳහා සහභාගී වුණා.

එමෙන්ම අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයෙහි මහා ලේකම් ශාස්ත්‍රේ ජැන්ග්චුප් චෝඩ්න් හිමියන් හා තවත් ශාස්ත්‍රීය විද්වතුන් බොහෝමයක් ද මේ සඳහා එක්ව සිටි අතර;
ජනාධිපතිතුමිය විසින් බුදුන් වහන්සේට මල් පූජා කිරීමෙන් අනතුරුව සමුළුව ආරම්භ කෙරුණා.

පිළිගැනීමේ කතාව අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයෙහි මහා ලේකම් හිමියන් විසින් පවත්වනු ලැබූ අතර සංස්කෘතික හා සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය ශ්‍රී ගජේන්ද්‍ර සිං සිකාවත් මහතා විසින් සමුළුව ඇමතීම ද සිදු කළා.

එහිදී මෙවන් කාර්යයන් තුළින් ඉන්දියාව සහ අන් රට වලට වෙන සේවාව ඇගයීමට ලක් කළ එතුමා තවත් මෙවන් කාර්යයන් සඳහා ඉන්දීය රජය හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බවටයි සඳහන් කළේ.

ජනාධිපති ශ්‍රීමත් දෲපදී මුර්මු මහත්මිය සඳහන් කළේ “අද මෙම සමුළුවට ආසියාව පුරා මෙන්ම අන් රටවලින් ද සංඝරත්නය සහ විවිධ පුද්ගලයින් පැමිණිලා තිබෙනවා. බැලූ බැල්මට ඔවුන් විවිධ භාෂා කතා කරන විවිධ ඇඳුම් පැළඳුම් අඳින අය. නමුත් ඔවුන් අදහන දර්ශනය එකක්. එය බෞද්ධ දර්ශනයයි. එම නිසා ඔවුන් සියල්ලන්ම සාමකාමියි. එබැවින් මෙවන් ස්ථානයකට පැමිණීමට හැකිවීම පිළිබඳව මම සතුටට පත්වෙමි..” යනුවෙන්.

මෙම සමුළුවේ දී අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය නිකායෙහි මහා නායක ධුරය දරන අතිපූජ්‍ය ආචාර්ය වස්කඩුවේ මහින්දවංස මහානායක හිමි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමුළුව ඇමතීමට ද නියමිතයි.

අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයෙහි නියෝජ්‍ය මහා ලේකම් ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා සහ අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයෙහි ධර්ම ලේකම් ආචාර්ය ශර්මිලා මිල්රෝයි මහත්මිය ශ්‍රී ලංකාව නියෝජනය කරන ආරාධිත විද්වතුන් ලෙස සමුළුවට සහභාගී ව සිටිනවා.

කෙටි චිත්‍රපට තිරගත කිරීම් ද, ප්‍රදර්ශන ද සමුළුවට සමගාමීව පැවැත්වෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39