පළමුවරට පාසල් සිසුවියන් පිරිසක් කැබිනට් මණ්ඩලයට කැඳවයි (ඡායාරූප)

කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ඊයේ (19) ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වුණා.

ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සුහද හමුවකට එක්වීමට ද එම දරුවන්ට අවස්ථාව ලැබුණා.

ජනාධිපති කාර්යාලයේ කැබිනට් මණ්ඩලය පැවැත්වෙන ස්ථානයට එම දරුවන් කැඳවූ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය යනු කුමක්ද,එහි ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය පිළිබඳව ඔවුන් දැනුවත් කළා.

රටේ ප්‍රධාන තීන්දු තීරණ ගනු ලබන කැබිනට් මණ්ඩලය පැවැත්වෙන ස්ථානයේදීම, එය මෙහෙයවනු ලබන ජනාධිපතිවරයා සමඟ කතාබහකට එක්වීමට පාසල් දරුවන්ට අවස්ථාව හිමි වූයේ පළමුවරට වීම ද විශේෂත්වයක්.

ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අමාත්‍ය ධුර දරණ සිසුවියන් වෙත එම අමාත්‍ය ධුරයන්හි වගකීම, කාර්යභාරය සහ කැබිනට් මණ්ඩලයේ වගකීම් පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා කරුණු පහදා දෙනු ලැබුවා.

රටේ අනාගත නායකත්වයට පත්වන දරු පරපුර රාජ්‍ය පාලන ව්‍යුහය පිළිබඳ මනා දැනුමක් ලබා තිබීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පැහැදිලි කළා.

තම පාසලේ දරුවන් වෙත ලබාදුන් මෙම ඓතිහාසික අවස්ථාව පිළිබඳව කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ඩබ්ලිව්.ආර්. ප්‍රියදර්ශනී විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය ස්තූතිය පිරිනැමුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝක කුසලාන පහස නොවිදම කදුළු සලමින් පිටියට සමුදුන් ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ - උණුසුම්වන ෆිෆා තරඟය
01:48
Video thumbnail
හිරේ ඉන්න අය ආරක්ෂා කරන්නේ දේශපාලන චරිත සම්බන්ධවෙලා - කළු ආර්ථිකයක් තියෙනවා
05:57
Video thumbnail
රතනපුර පොලිසිය භූමිතෙල් යොදා ධාවනය වන බස් සේරම වටලයි - උඹලා බාගෙට දාලා ගහන්නේ ඇයි ?ගඳ එනවනේ පුතා
10:28
Video thumbnail
ලංකාවේ ප්‍රථම උණුසුම් වතුර සහිත මහජන පිහිනුම් තටාකයට මුල්ගල් තබයි - සිරකරුවන් ගැන කිව්ව සුපිරි කතාව
12:21
Video thumbnail
චාමර සම්පත් කිව්ව දේට ප්‍රසාද් සර්ටත් හොඳටම හිනා
00:47
Video thumbnail
නිලධාරින් ඇතුළට වෙ#ඩි තිබ්බ හේතුව කොමසාරිස් ජෙනරාල් හෙළිකරයි
01:26
Video thumbnail
බන්ධනාගාර නිලධාරින් හා රැඳවියන් බලන්න ගිය නලින්ද
00:59
Video thumbnail
යතුරුපැදියේ ඇවිත් පාසල් සිසුවිය හ#පා යුවළ පළා ගිය හැටි
00:19
Video thumbnail
කුලී නිවසක තිබී වයස අවු: 26ක තරුණියකගේ නිසල සිරුරක් හමුවෙයි
00:42
Video thumbnail
යතුරුපැදියේ ඇවිත් පාසල් සිසුවිය හ#පා යුවළ පළා ගිය හැටි - තුවාලද කියලවත් බලන්නේ නෑනේ ?
00:42