පහළොස් වසරකට පසු රන් දත් දෙකෙන් හඳුනා ගත් සැකකරුවා

මුල්‍ය වංචාවක් සිදුකර පලාගොස් සැඟව සිටි පුද්ගලයෙක් රන් දත් දෙකක් ආධාරයෙන් වසර 15කට පසු හසුකර ගැනීමට ඉන්දියාවේ මුම්බායි පොලිසියට හැකිව තිබෙනවා.

මෙම පුද්ගලයා 2007 වසරේ තමන් සේවය කළ රෙදි සාප්පුවේ හිමිකරුට ඉන්දීය රුපියල් 40,000ක් වංචාකර පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිය සේවකයා මුදල් වංචාවක් සිදුකළ බවට රෙදි සාප්පුවේ හිමිකරු විසින් 2007 වසරේ කළ පැමිණිල්ලකට අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඇප හිමිවීමෙන් පසු ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රවීන් අශුභ ජඩේජා නැමැති මෙම සැකකරු මුම්බායි ප්‍රදේශයේ සිට ගුජරාට් ප්‍රාන්තයේ කච් ප්‍රදේශයට පලාගොස් සැඟව සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරු සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමේ දී අනාවරණ ඇත්තේ පලා යාමෙන් පසු ඔහු තම නම ප්‍රදීප් සිං අශුභ ජඩේජා ලෙස ද වෙනස් කරගෙන ඇති බවයි.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශන වලදී ඔහු මැන්ඩ්වි හි සබ්‍රායි ගම්මානයේ සැඟවී සිටින බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර, අනතුරුව ඔහු එරට පොලිසිය විසින් පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වසර 15කට පසු අත්අඩංගුවට ගැනුණු සැකකරු මුම්බායි පොලිසියට භාරදී ඇති අතර, ඔහු හඳුනා ගැනීම සඳහා විත්තිකරුවන් පොලිසියට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී පොලිසියට පැමිණි විත්තිකාර රෙදි සාප්පුවේ හිමිකරු සැකකාර ප්‍රවීන් අශුභ ජඩේජා නැමැත්තා දමා සිටි රන් දත් දෙකක ආධාරයෙන් හඳුනා ගැනීමට හැකිව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39