පසුගිය වසර දෙකේ දී හොරු අල්ලන්න නීති රැසක් – ජනපති රනිල්

හොරු ආරක්ෂා කරන බවට චෝදනාවට ලක් වූ ආණ්ඩුව විසින් ම හොරු අල්ලන නීති රැසක් පසුගිය වසර දෙක ඇතුළත ගෙන ආ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

තෙල්දෙණිය අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (15) දිනයේ සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ අතර හොරු ඇල්ලීමට ගෙන ආ එම ශක්තිමත් නීති පද්ධතිය විප්ලවයක් බව කී ජනාධිපතිවරයා එම නීති පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා විදෙස් පුහුණුව ලබාදී පළපුරුදු නිලධාරීන් බිහිකිරීමේ කටයුතු මේ වනවිට අධිකරණ අමාත්‍යාංශය විසින් අරඹා ඇති බව ද පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්