පසුගිය පාලන සමයේ ජනාධිපති අරමුදල අවභාවිත කරලා – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

පසුගිය පාලන සමයේ ජනාධිපති අරමුදල වරප්‍රසාදිත කණ්ඩායම් විසින් අවභාවිතා කර ඇති බවත්, එය නිවැරදි ප්‍රවේශයකට ගෙන ඒමට වත්මන් රජයට හැකි වූ බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කරනවා.

අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ ජනාධිපති අරමුදලෙන් මධ්‍යම පළාතේ අ.පො.ස උසස් පෙළ විශිෂ්ටයින් ඇගයීම වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි අද (14) පැවති වැඩසටහනට එක් වෙමින්.

මෙහිදී මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි 2023 සහ 2024 වර්ෂවලට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයේදී, විෂය ධාරා 6 යටතේ ඉහළ ප්‍රතිඵල ලබා ගත් සිසුන් 10 දෙනකු බැගින්, සිසුන් 361 දෙනකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් ප්‍රදානය කෙරුණු අතර මේ සඳහා ජනාධිපති අරමුදල වැය කර ඇති මුදල රුපියල් මිලියන 36.1ක්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, ජනාධිපති අරමුදල ස්ථාපිත කළ සත්‍ය අරමුණ ක්‍රියාත්මක වන්නේ වත්මන් ආණ්ඩුව යටතේ බවත්, ඈත ගමේ සිටින පුරුවැසියා වෙතටම ගොස් පහසුකම් සැපයීමට ජනාධිපති අරමුදල මේ වන විට කටයුතු කරමින් සිටින බවයි.

වෛද්‍යාධාරවලට එහා ගිය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල මේ වන විට කටයුතු කර ඇති බවත් දරුවන්ගේ අධ්‍යාපනයට ද ආධාර දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම තුළින් දැනුමෙන් පිරි යහපත් අනාගත මානව සම්පතක් නිර්මාණය කිරිමට දායක වන බවත් කියා සිටියා.

එක් රාමුවක් යටතේ පවතින අධ්‍යාපන ක්‍රමය වෙනුවට විවිධ ක්ෂේත්‍ර දකින, විවෘත මනසක් ඇති මානව සම්පතක් බිහි කිරීම වෙනුවෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට සූදානම් බවත්, එමඟින් දරුවන්ගේ සිහින යථාර්තයක් කිරිමට හැකියාව ලැබෙන බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22