පවුල් ලක්ෂ අටකට අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම අද සිට

අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 08ක් සදහා අවශ්‍ය මුදල් අද (28) දිනයේ දී මහා භාණ්ඩාගාරය මඟින් බැංකු වෙත බැර කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ඊයේ සඳහන් කළා.

ඒ, අනුව එම මුදල් හෙට (29) හෝ අනිද්දා (30) දිනවල සිට ලබා ගැනීමට ප්‍රතිලාභීන්ට හැකියාව ලැබෙන බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

ප්‍රතිලාභ ලැබීම සඳහා තේරීපත්ව එහෙත් බැංකු ගිණුම් ආරම්භ කිරීම ඇතුළු ගෙවීමට අදාළ මුලික අවශතා සපුරා නොමැති ප්‍රතිලාභි පවුල් ඒවා කඩිනමින් සපුරාලීමේ අවශ්‍යතාව ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

අස්වැසුම සුබසාධක දීමනා ගෙවීමට පවුල් ලක්ෂ 20කට ප්‍රතිලාභ දීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවත්, මේ වන විට අභියාචනා ලක්ෂ 10ක් ඉදිරිපත් ව ඇති බවත්, විරෝධතා 120,000ක් ගොනු කර ඇති බවත් සිහිපත් කළා.

මේ අතර කිසියම් පවුල් ඒකකයක් සාවද්‍ය තොරතුරු ලබා දී ප්‍රතිලාභ ලබාගත හොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා අතර, ලබාගත් මුදල් නැවත අයකර ගැනීමට පියවර ගැනීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21